ඉරුවාරදයට ප්‍රත්‍යක්‍ෂ හෝමියෝපති ප්‍රතිකාර

54

අද සමාජයේ බොහෝදෙනකුගේ සමාජයීය දෛනික චර්යාව, ජානමය වැනි විවිධ හේතු මත 12%කට වැඩි පිරිසක් හිසරදයට ගොදුරු වී ඇත.

හිසරදය ප්‍රාථමික හිසරදය, ද්විතීයික හිසරදය ලෙස දෙයාකාරයකින් වර්ග කළ හැක. ප්‍රාථමික හිසරදයට ඉරුවාරදය (M‍igra‍ine),කෝඨරක හිසරදය : (Sinusitis) පොකුරු හිසරදය (Cluster headache)ආතතිය හිසරදය (Tension headache) ලෙස හැදින්විය හැක.

ද්විතීය හිසරදය වන්නේ ගෙලජනික හිසරදයයි.(Cervicogenic headache) මෙය ගෙල ප්‍රදේශයේ ව්‍යුහාත්මක වෙනස්කම් නිසා ස්නායු බලපෑමක් මත ඇතිවන හිසරදයයි.

ඉරුවාරදය (Migraine)

වචනයේ අර්ථයෙන්ම හිසෙහි අඩක ඇතිවන වේදනාව ලෙස හැදින්විය හැක.අපගේ චර්යාවේ යම් වෙනසක් ඇතිවීම නිසා මොළයට ගමන් කරන රුධිරවාහිනී ප්‍රසාරණය වීමත් සමග මොළයේ ශිරා නාළවල pain sensing ජැකකි වලින් neuropeptide නමැති රසායනික ද්‍රව්‍යයක් නිදහස් කරනවා. මේ රසායනික ද්‍රව්‍යය මගින් මොළයේ රුධිරවාහිනී ප්‍රසාරණය වී මොළය වෙතට වැඩි රුධිර පරිමාවක් යොමු වීම නිසා අධික වේදනාවක් හටගැනීම සිදුවන අතර මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවීම නිසා හිසෙහි වේදනාව ද ක්‍රමක්‍රමයෙන් වැඩි වී දින දෙක, සති දෙක දක්වා පැවැතිම ඉරුවාරදය ඇතිවීමේ විද්‍යාත්මක ක්‍රියාදාමය වනු ඇත.

රෝග ලක්ෂණ

හිරු උදාවෙත්ම බොහෝදෙනකුට සෑදෙන මෙම රෝගය හිරුගේ රශ්මිය වැඩි වෙනවාත් සමග ප්‍රබල වේ. හිරු බැසයත්ම අඩුවීගෙන යනු ඇත. නමුත් එකිනෙකාගේ ශරීර ජීව ශක්තිය, එකිනෙකාට ආවේණික ලක්ෂණ පෙන්වනු ඇත. මෙය පෙරනිමිති සහිත ඉරුවාරදය හා පෙරනිමිති රහිත ඉරුවාරදය ලෙස වර්ග කළ හැක.

ඉරුවාරදයේ පෙරනිමිති ලක්ෂණ

පෙරනිමිති සහිත ඉරුවාරදය සාමාන්‍යයෙන් පැයකට පමණ පෙර වෙනස් ආකාරයේ රෝග ලක්ෂණ ඇතිවී හිසරදය තත්ත්වය සමග ඉරුවාරදය ඉදිරියේදී ඇතිවන බව පෙන්වයි. මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් විනාඩි 15 සිට උපරිම වශයෙන් පැයක් දක්වා පැවතිය හැක. මෙහිදී ද දෘශ්‍ය පෙරනිමිති හා දෘශ්‍ය නොවන පෙරනිමිති ලෙසට පෙරනිමිති සහිත ඉරුවාරදයෙදී සංඥා ඇතිවිය හැක.

දෘශ්‍ය පෙරනිමිති සහිත ඉරුවාරදයේ පෙරනිමිති

තරංග ආකාර ,දැති ආකාර (සිග්සැග් ආකාර) ආලෝකයක් මෙන්ම නිවි නිවී දිදුලන තිත් සහිත ආලෝකයක් ද දර්ශනය වීම (ඇස් විවෘත මෙන්ම ඇස් වසා සිටින විට ද වේ) පෙනීම බොඳවීම, තාවකාලික පෙනීම නැතිවීම හෝ තාවකාලිකව එක් ඇසක් නොපෙනී යෑම, එම ඇසට පිටුපසින් හිසේ අධික වේදනාවක් හටගැනීම.

දෘශ්‍ය පෙරනිමිති රහිත ඉරුවාරදයේ පෙරනිමිති

කන තුළ අසාමාන්‍ය ශබ්දයක් ඇසීම, වෙනස් වූ ගන්ධයක් එකවර දැනීම සහ තමන්ට සුපුරුදු ගන්ධයන් වෙනස් ආකාරයට දැනීම, වෙනස් ආකාරයේ ස්පර්ශයන් දැනීම, දිවට එකවරම වෙනස් වූ රසයන් දැනීම, සහ සුපුරුදු රසයන් වෙනස් ආකාරයට දැනීම, කරකැවිල්ල හා දේහයේ සමබරතාව නැතිව යෑම, දේහයේ පැත්තක් පණ නැතිවීම හෝ පැත්තක් හිරි වැටීම, අනිසි බිය, විෂාදය, අධික වෙහෙසකර බව.

ඉරුවාරදයේ ඇතිවන ලක්ෂණ

එක පැත්තක පටන්ගත් වේදනාව මුළු හිසටම පැතිර යාමත් සමග මුළු හිසේම හටගන්නා අධික වේදනාව, ඔක්කාරය, වමනය, ආලෝකය දිහා බැලීම අපහසු වීම, අධික ශබ්ද දරාගැනීමේ අපහසුතාව, ආහාර අරුචිය, ඇහිබැම උඩ ඉදිමී නාසය දෙපස ග්‍රන්ථි ඉදිමීම, ඇස් නාසය ආශ්‍රිත දැවිල්ල හටගැනීම,හිසේ මෙන්ම නාසයේ බර ගතිය, දෑස් වලින් කදුළු වැහිරිම, පුද්ගලයන් සමග නුරුස්සන ස්වභාවය, ඇහිබැම පහළින් දහවල් කාලය වනවිට දැඩි වේදනාවක් හටගනී.

ඉරුවාරදය ඇතිවීමට හේතු සාධක

ආහාර වේල මඟහැරීම මගින් නිරාහාරව සිටීම නිසා, එක් ආහාර වේලක් ගෙන එය ජීර්ණය වීමට පෙර නැවතත් ආහාර ගැනීම, එනම් ආහාර වේල් අතර නිසි කාල පරතරයක් පවත්වා නොගැනීම.

ආමවාතය හෙවත් ගැස්ට්‍රයිටිස් ඇතිවීම නිසා ආමය රුධිර ධාතුව සමග එකතු වී මස්තිෂ්කය වෙතට ගොස් ඉරුවාරද රෝගය ඇතිවීමට බලපායි.

අධික වෙහෙසකර බව, කෘත්‍රීම සුවඳ නිතරම ආඝ්‍රාණය කිරීම, අධික වශයෙන් මළ මුත්‍රා වේග දැරීම, අධික ආලෝකය, අධික ශබ්දය හා පරිගණක ,ජංගම දුරකථන හා ආලෝකය

ඇතිකරන තිර දෙස දිගු වෙලාවක් බලා සිටීම,

මානසික ආතතිය, ජානමය සාධක, හෝර්මෝනවල වෙනස්කම් මත (ඔසප්වීම කාලය), කාන්තාවන් උපත් පාලන එන්නත් උපත් පාලන ඖෂධ පෙති ලෙසට ලබාගැනීම,

උෂ්ණ ආහාර,අධික ලෙස ආම්ලික ආහාර, ක්ෂණික ආහාර, ඵීඨ යොදනු ලැබූ රසකාරක ආහාර අධික පරිභෝජනය, කොපි ,තේ සහ කැෆෙන් අධික වශයෙන් අඩංගු ආහාර පාන පරිභෝජනය කිරීම, චීස්, බිත්තර, කිරි ආහාර, ලුණු අධික ආහාර, ශිත අධික ආහාර වැනි ආහාර සමහර අය සඳහා ඉරුවාරදය රෝගය ඉස්මතු කරන ආහාර වේ, මද්‍යසාර හා දුම්පානය, අධිකව පවතින මලබද්ධය මේ සඳහා බලපායි.

හෝමියෝපති ප්‍රතිකාර

රෝගියාගෙන් රෝගියාට පෙන්වන ආවේණික රෝග ලක්ෂණ මුල් කරගෙන හෝමියෝපති මූලධර්මයට අනුව රෝගී ලක්ෂණයට අදාළව අනුගත කරන හෝමියෝපති බාහිර ඖෂධ තුළින් රෝගියාගේ දුර්වල වූ ජීව ශක්තිය නැවත යථා තත්ත්වයට ගෙනඒම තුළ ව්‍යුහාත්මක රසායනිකව වෙනස් වූ ප්‍රසාරණය වූ රුධිර නාළ යළි ප්‍රතිස්ථාපනයට පත්වීම සිදුවනු ඇත.එමගින් වේදනාව නැති වී ඉරුවාරදය රෝගයට පුර්ණව තිත තැබීම සිදුවනු ඇත. මෙම රෝගයට අදාළ ප්‍රතිකාර සම්බන්ධව යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 071 8250716, 071 8250716 හෝ 17 අමතා ලබාගත හැකිය.

එසේම හෝමියෝපති ඖෂධ ගුණයෙන් පුර්ණව සැකසුණු “සප්‍රාණිකා කේෂාලේපය” මොළයේ රුධිර ගමනාගමනය ප්‍රතිසංස්කරණය කිරීමට එහි අන්තර්ගත ඖෂධීය ක්‍රියාකාරිත්වය මහත් සේ ඉවහල් වනු ඇත. තවද සුවය සමග වේදනාව පහවී යනු ඇත.

තවද පාකින්සන්, ඩිමෙන්ෂියා, ආතතිය වැනි සියලු ස්නායුගත රෝග සදහා ද ඉතා ගුණාත්මක සත්කාරයකි. රෝගී ශරීරය කායික, මානසික සමබරතාවයට මොළය ප්‍රධාන කෘත්‍යයන් සිදු කරන අතර මොලයේ ක්‍රියාදාමයන් ප්‍රතිස්ථාපනයට “සප්‍රාණිකා කේෂාලේපය” හිස ගැල්වීම මෙන්ම හෝමියෝපති ප්‍රතිකාරය අත්දැකීම වේදනා නාශක වලින් මිදීමේ ජිවිතයකට ඔබව යොමු කරනු ඇත.

ඉරුවාරදයට ප්‍රත්‍යක්‍ෂ හෝමියෝපති ප්‍රතිකාර

එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස්
පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව
.


advertistmentadvertistment