නිදහස් අධ්‍යාපනය වනසන කොතලාවල පනත හකුළා ගනිව්
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම, නිදහස් අධ්‍යාපනය වනසන කොතලාවල පනත හකුළා ගැනීම දරුවන්ට ඉගෙන ගන්න පහසුකම් ලබාදීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති විසින් ඊයේ (28 දා* ගාල්ල නගරයේදී දැවැන්ත උදඝෝෂණයක් පවත්වන ලදී.
ගුරු විදුහල්පති වෘත්තිය සමිතිය මහමෝදර සිට පෙළපාලියකින්ද ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව ගාල්ල සමුද්‍ර මාවතේ සිට පෙළපාලියකින්ද ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිටට පැමිණීමත් සමග එම ප‍්‍රදේශයේ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇනහිටියේය. පසුව පොලිසිය මැදිහත්වී විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කිරීමට පියවර ගන්නා ලදී. මෙම උද්ඝෝෂණයට ගුරු විදුහල්පතිවරුන් තුන් දහසකට අධික පිරිසක් එක්ව සිටි අතර පසුව උද්ඝෝෂකයෝ පිරිස ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා සන්දේශයක් භාරදීමට දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය බලා ගියහ.
අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්, හබරාදුව – ඒ. එල්. ඒ. ආරියරත්න, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි
ගාල්ල
ඔන්ලයින් ඇති කළේ අපි නැති කළේ තොපි – මහියංගනය
මහියංගණ – රංජිත් කරුණාවීර
‘‘අනාගතය හදන ගුරුවරයා මහපාරේ, ඔන්ලයින් ඇති කළේ අපි – නැති කළේ තොපි, වසර 24ක් වංචා කළ ගුරු විදුහල්පති වැටුප් වහා ලබාදෙනු, සියළු වෘත්තිකයන් උපදින්නේ ගුරුවරයාගෙනි, වැඩි වැටුප් එපා – හිමි වැටුප දියව්’’ ලෙස සඳහන් පොස්ටර් කටවුට් බැනර් ප‍්‍රදර්ශනය කරමින් මහියංගණ නගරයේ උදෑසන 10.00 පමණ ආරම්භ වු දැවැන්ත උද්ඝෝෂණයක් මහියංගණ ජාතික පාසල අසලින් ආරම්භ වී පාගමනින් මහියංගණ නගරය දක්වා ගමන් කෙරිණි. ඒ සඳහා විදුහල්පතිවරු ගුරුවරු 1000කට වැඩි පිරිසක් සහභාගී වූහ. ඒ සඳහා මහියංගණ අධ්‍යාපන කළාපයේ ගුරුවරු හා මිණිපේ අධ්‍යාපන කළාපයේ ගුරුවරු පිරිසක්ද සහිතව ගුරුවරු 1000කට අධික ප‍්‍රමාණයක් සහභාගී වූ හෙයින් බදුල්ල, මහියංගණ මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර වීම හේතුවෙන් වාහන තදබදයක් ඇතිවී තිබිණි.
වැඩි වැටුප් එපා – හිමි වැටුප දියව් – හංවැල්ල
හංවැල්ල – හංවැල්ල ඒකාබද්ධ ගුරු සංගමය විසින් හංවැල්ල නගරයේ ඊයේ (28 වැනිදා* උද්ඝෝෂණයක් පවත්වන ලදී. ඊයේ උදෑසන දහයට ආරම්භ කරන ලද මෙම උද්ඝෝෂණය සහ පෙළපාලිය සටන් පාඨ කියමින් පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විණි. ඉන් පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.
කළුඅග්ගල විමලසිරි හේවාවසම්, පාදුක්ක නීල් රාජපක්ෂ
මහමග මැරී වැටුණත් සටන අතහරින්නේ නෑ – කුලියාපිටිය
උපේන්ද්‍ර සේරසිංහ
වැටුප් විෂමතාව ඇතුළුව ඉල්ලීම් රැුසක් මුල්කරගනිමින් ගුරුභවතුන් විශාල පිරිසක් කුළියාපිටිය නගරයේ පෙළපාලි යමින් හෝරාදෙකක පමණ කාලයක් විරෝධතාවයේ නිරතවූහ.
දෙදහසක් ඉක්මවූ ගුරුභවතුන් පිරිසක් හා විදුහල්පතිවරුන් පිරිසක් එම උද්ඝෝෂණය ස`දහා එක්ව සිටි අතර රට පුරා මේ වෙනුවෙන් පැවැත්වෙන උද්ඝෝෂණ රැුල්ලෙහි දිගුවක් ලෙසින් උද්ඝෝෂණය පවත්වන බවද ගුරුසංගම් සාමාජිකයෝ පැවසූහ.
එහිදී අදාළ ගුරුභවතුන් චෝදනා කළේ වසර විසි හතරක් පුරාවට ගුරුවරුන් පෙළන වැටුප් විෂමතාව වහා විස`දීමට කටයුතු නොකළහොත් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සිය දහස් ගුණයකින් පවත්වා හෝ තම ඉල්ලීම් දිනාගන්නා බවයි. එමෙන්ම ඊයේ පෙරේදා වැඩිවියට පත් ළමිස්සියක සේ අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සිදුකරන ප‍්‍රකාශ පිළිබ`ද කිසිඳු විශ්වාසයක් නොමැති බවද පැවසූ ඔවුහු පෙරේදා (27 දා) අග‍්‍රාමාත්‍ය වරයා සමගින් සිදුකළ සාකච්ඡුා පවා අසාර්ථක වූ බවද පැවසීය.