ඉලූක්මෝදර දී මහවැලි ගඟට වැටුණු මෝටර් රිය ගොඩගනී – මරණ 1යි: 2ක් බේරෙති

121

මහනුවර ඉලූක්මෝදර දී මහවැලි ගඟට වැටුණු කාර් රථයේ ගමන් ගත් එක් අයකු මියගොස් දෙදෙනකු දිවි ගලවා ගෙන තිබේ.

දිවි ගලවා ගත් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මියගොස් ඇත්තේ අමිල ඒකනායක නැමැති අයකු බවට හඳුනා ගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ඔහු මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් ගෙන ඇත.

අනතුර සිදුව පැය දහසයක කාලයක් ඔහු අතුරුදන්ව සිටි අතර ඔහුව සෙවීමට යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. පැය දෙකකට වැඩි කාලයක් නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් කළ සෝදිසි මෙහෙයුමෙන් පසුව මළ සිරුර ඊයේ 28 දා පස්වරුවේ සොයාගනු ලැබිණි.

මහවැලි ගෙඟ් වික්ටෝරියා ජලාශය ආශ‍්‍රිත ප‍්‍රදේශයට ඇද වැටුණු මෝටර් රථය අඩි 40 ක පමණ ගැඹුරේ තිබී සොයා ගැනීමෙන් පසු ඊයේ (28දා) දහවල් ගොඩගනු ලැබීය.

මියගිය පුද්ගලයා මෝටර් රථයේ සිරවී සිටිනු ඇතැයි සැක කළ නමුත් ඔහු එහි නොසිටීම නිසා නාවික හමුදා කිමිදුම්කරුවෝ පැමිණ මහවැලි ගෙඟ් අදාළ ප‍්‍රදේශය නිරීක්ෂණය කිරීමට පියවර ගෙන තිබිණි. මෝටර් රථයේ රියැදුරු සහ තවත් අයකු දිවි ගලවා ගෙන ඇති අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලිසිය විසින් රියැදුරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. මහවැලි ගෙඟ් වික්ටෝරියා ජලාශය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ තිබී සොයාගත් මෝටර් රථයේ දොරවල් හතරම වැසී තිබීම හේතුවෙන් එහි සිටි පුද්ගලයාට කුමක් සිදු වූවේද යන්න ප‍්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙයි.

සමන්තී වීරසේකර


advertistmentadvertistment