ඉවත දමන බැටරි, පොලිතීන්, වයර් කැබලි, ජංගම දුරකථන කොටස්, විදුලි බුබුළු, ප්ලාස්ටික්, ලෝහ කැබැලි, විදුලි හා ඉලෙක්ට්‍රොනික කොටස් යොදා ගනිමින් වටිනාකමින් ඉහළ ආකර්ෂණීය කලා නිර්මාණ රැසක් බිහිකරන තරුණයකු පසුගිය දිනක බදුල්ල නගරයට නුදුරු ජම්බුගස්වත්ත ගම්මානයේදී ‘දිවයින’ට හමු විය. ඔහු දිනුෂ්ක මධුරංගයි.

මේ පින්තූරවලින් දකින්නේ ඔහු එලෙස කළ නිර්මාණ කිහිපයකි. සිය නිර්මාණ ගැන දිනුෂ්ක මධුරංග මහතා ප්‍රකාශ කර සිටියේ බදුල්ල නගරයේ වෙළෙදසැල්වලින් විශාල ලෙස ඉවත දමන යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රොනික අහිතකර කොටස් මෙම නිර්මාණ සඳහා යොදාගැනීමෙන් පරිසර දූෂණය අවම කරගත හැකි මෙන්ම ස්ථිර ආදායම් මාර්ගයක් සලසා ගත හැකි බවයි.
බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර
