ඉවරයක් නැති පෝලිම්වල දුක් විඳින මිනිස්සු

125

77 පෙර පෝලිම් සහ හාල් පොලූ, මිරිස් පොලූ

සියල්ල පැරදවූ ආණ්ඩුවේ පෝලිම්

පෝලිමේ යන හිරගෙදර ජීවිත

අප දන්නා පරිදි පෝලිම යනු මෙරට බන්ධනාගාර හෙවත් හිරගෙදර සංස්කෘතියේ නිරන්තරයෙන් භාවිතයට ගැනෙන වචනයකි. බන්ධනාගාරගත වන රැඳවියා බන්ධනාගාරයේදී උදෑසන අවදි වූ පසු මුලින්ම කරනු ලබන කාර්යය වන්නේ පෝලිම් ගැසීමය.

බන්ධනාගාර නිලධාරීන් අණ කළ වහා ඔවුහු රඳවා සිටින සිර මැදිරිවලින් පිටතට පැමිණ පෝලිම් ගැසෙන්නාහ. පසුව නිලධාරීන් විසින් සිරකරුවන් එකිනෙකා ගණන් කිරීමෙන් පසුව ඔවුනට සෙසු කාර්යන් ආරම්භ කිරීමේ අවසරය හිමි වන්නේය.

ඒ අනුව සිරකරුවන් ගණන් කිරීමෙන් පසු ඔවුන් උදෑසන ආහාරය ගන්නේද පෝලිමේ ගොසිනි. දිවා ආහාරය ගැනීමේදීද එය එසේම සිදුවේ. බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ගෙන යෑමේදී නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ඔවුන් කැඳවාගෙන යන්නේද යකඩ දම්වැලකට එක්කර අත් මාංචු දමා පෝලිමටය.

මීළඟට පෝලිම් ගැන අපේ මතකයට නැෙඟන්නේ පාසල් සමය පිළිබඳ සිහි කිරීමේදීය. පාසල් කාලයේදී අප විෂය බාහිර කටයුත්තකට ගුරු මව්පියවරු සමඟ පන්තියෙන් පිටතට ගියේ පෝලිමේය. ඒ අන්දමට පාසල් සිසුන්ව සිටියදී කවුරු කවුරුත් විවිධ අවස්ථාවල පෝලිමේ සිටි අයුරු කාගේත් මතකයේ සුන්දර ලෙස සටහන්ව ඇත. කොටින්ම කියතොත් පාසල් කාලයේදී කුමක් හෝ මගෝඩි වැඩක් කර අප එකා පිට එකා ගුරුවරුන්ගෙන් පිළිවෙළකට ගුටිකෑවේද පෝලිමේය.

කෙසේ වෙතත් මේ කියන පෝලිම් පිළිබඳ කල්පනා කිරීමේදී පැහැදිළිව පෙනී යන එක් කරුණක් ද ඇත. එය වන්නේ මේ සෑම පෝලිමක්ම සාමාන්‍ය ඒවා යන්නය. එහෙත් අතීතයේදී සාමාන්‍යයෙන් අසාමාන්‍ය වූ පෝලිම් වර්ගයක්ද මේ රටේ තිබුණු බව අපේ වැඩිහිටියෝ අප කුඩා කාලයේදී කීහ.

පසු කලෙක කරදඬු උස්මහත් වී සමාජගත වීමේදී වැඩිහිටියන් කී ඒ කතා සහතික ඇත්ත බව අපේ පරපුරේ කාටත් වැටහී ගියේය. එකී වැටහීම ලැබුණේ අතීතය කියැවීමේදීය. පත පොතේ ඒ බව සඳහන්ව තිබෙන නිසා පොතක් පතක් කියවන නූතන තරුණ පරපුර ද ඒ පිළිබඳ අද දැන සිටිනවා විය හැකිය. එදා අපේ වැඩිහිටියන් ඒ පෝලිම් හඳුන්වනු ලැබුවේ මැතිනිගේ පෝලිම් කියාය.

එය ඉකුත් 1977 වර්ෂයට පෙර කාලය විය. එකල රට පාලනය කරනු ලැබුවේ සිරිමාවෝ ආර්. ඞී. බණ්ඩාරනායක මැතිනිය විසිනි. මැතිනියගේ රාජ්‍ය පාලනය තුළ රටේ කි‍්‍රයාත්මක වූයේ සංවෘත ආර්ථික ක‍්‍රමයකි. විදේශ ආනයනයන් දැඩි ලෙස සීමා කෙරිණි. ආනයනික චීස්, බටර්, ටොෆි, චොකලට්, රෙදිපිළි සහ කිරිපිටි ආදී වශයෙන් වූ විවිධ භාණ්ඩ මෙරට වෙළෙඳපොළේ හිඟ විය. ඇතැම් විට තිබුණේම නැත.

තිබුණද සාමාන්‍ය ජනතාවට ඒවා මිලදී ගැනීමේ හැකියාවක් කොහෙත්ම නොවීය. එකී ආනයන සීමාවන්ට සමගාමීව දේශීය කෘෂි සහ කාර්මිකකරණ වැඩපිළිවෙළක් රට තුළ කි‍්‍රයාත්මක වූ අතර එම තත්ත්වය තුළ හාල්, මිරිස්, සීනි සහ පාන් ආදී වශයෙන් වූ අත්‍යවශ්‍ය ආහාර හිඟයක්ද ඇති වී තිබිණි.

රජයේ සමූපකාර පද්ධතිය හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම සිදු කෙරුණු අතර ඒ වෙනුවෙන් දිගු පෝලිම්වල වැඩි කාලයක් රැ`දී සිටින්නට ජනතාවට සිදු විය. හාල් සේරු දෙකකට වඩා ප‍්‍රවාහනය තහනම් කර තිබිණි. හාල්, මිරිස් ආදී භාණ්ඩ හොර රහසේ ප‍්‍රවාහනය කෙරෙන්නේ දැයි සොයා බැලීම සඳහා පොලිස් වැටලීම් කි‍්‍රයාත්මක විය. සාමාන්‍ය ජනතාව ඒවා හැඳින් වූයේ හාල් පොලූ සහ මිරිස් පොලූ කියාය.

බිලිඳු දරුවාට කිරි පිටි පැකට්ටුවක් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිමින් දුෂ්කරකි‍්‍රයා සිදු කිරීමට මව්වරුන්ට සිදුවිය. එක් අයකුට ලැබුණේ එක් පාන් රාත්තලකි. නිවසේ සාමාජිකයන් ගණන අනුව පාන් රාත්තල් දෙකක් ගැනීමට අවැසි වූ විට නිවසේ සාමාජිකයෝ දෙදෙනකුට පාන් පෝලිමේ සිටින්නට සිදුවූහ.

බණ්ඩාරනායක මැතිනිය කි‍්‍රයාත්මක කළ එකී සංවෘත අර්ථ ක‍්‍රමයේ රටේ ඉදිරි දියුුණුවට බලපාන යම් ඉහළ සාධනීය බවක් පැවතියද රට තුළ ඇති වූ මෙම තත්ත්වය හමුවේ පෝලිම්වල දුක් වි`දීමට සිදුවීමෙන් ජනතාව සිටියේ පීඩාවට පත්වය. එකී පීඩාවට පත්වීමේ පුපුරා යෑම කොතේක් වූයේද යත් 1977 පැවති මැතිවරණයේදී ජේ. ආර්. ජයවර්ධන මහතා ප‍්‍රධාන එක්සත් ජාතික පක්‍ෂයට හයෙන් පහක ප‍්‍රබල ජනවරමක් ලබා දෙමින් රටේ ජනතාව එය අවසන් කරනු ලැබුවේ බණ්ඩාරනායක මැතිණිය නායකත්වය දුන් සමගි පෙරමුණ රජයේ සහ මැතිණියගේ සමස්ත දේශපාලනයම සංවෘත කරමිනි.

ජේ. ආර්. ජයවර්ධන මහතාම කී පරිදි ගැහැණියක මිනිසකු කිරීමට හා මිනිසකු ගැහැණියක කිරීමට පමණක් නොහැකි වන ලෙස ඔහු එසේ රටේ පාලන බලය ලබා ගැනීමේදී එවර පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයා ලෙස තේරීපත් වූයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් මහතාය. අමිර්තලිංගම් මහතා එසේ විපක්‍ෂ නායක වීමෙන්ම එදා මැතිණිය කෙරෙහි ඇතිවූ ජනතා උදහසේ තරම වටහාගත හැකිය.

මැතිනියගේ පෝලිම් කතාව එකල නිමා වූයේ එසේය. ඒ නිමාවෙන් පසු නැවතත් මේ රටේ පෝලිම් යුගයක් නිර්මාණය කෙරුවෝ 88-90 යුගයේ ගල්කටස් විප්ලවයක් සිදු කර රට අල්ලන්ට හැදූ ජනාතා විමුක්ති පෙරමුණේ ඇත්තෝ වූහ. එහිදී ජනතාව පේළි ගැසුණේ රට වටා ගොඩ ගැසුණු මිනී කඳු බලන්නටය. එසේ නැතහොත් ජවිපෙ සන්නද්ධ අංශයේ ගල්කටස් ප‍්‍රහාරයකින් මියගිය ගමේ ග‍්‍රාමසේවකගේ හෝ රාජ්‍ය සේවකයන්ගේ දේහයන් බලන්නටය.

කෙසේ වෙතත් මෙහිදී රට පුරා ගොඩගැසුණු මිනී කඳුවල වැඩි වගකීම පැවරුණේ එවකට රටේ ජනාධිපතිවරයා වූ රණසිංහ පේ‍්‍රමදාස මහතා වෙතටය. 88-90 පෝලිම් කතාවද එලෙසින් අවසන් විය. මේ අතරතුර ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සිට පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දක්වා තිස් වසරක කාලයේ වෙලූපිල්ලේ ප‍්‍රභාකරන් විසින් මේ රටේ ඇති කළ පෝලිම් වර්ගයක්ද තිබිණි.

කොටි ත‍්‍රස්තවාදීන් තැන තැන එල්ල කළ මරාගෙන මැරෙන සහ එසේ නොවන බෝම්බ ප‍්‍රහරවලින් රටේ ජනතාව එකට පෙළට මියැදෙද්දී එකී භීෂණය මැද මරණය දෝතට ගෙන ජීවත් වූ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන් වූ සමස්ත ජනතාවගෙන් ඒ පෝලිම් සැදී තිබිණි.

එයට අමතරව නම් මේ රට තුළ දැනෙන තතරමට ඇතිවූ පෝලිම් යුගයක් පිළිබඳව අපේ මතකයේ නැත. විවිධ රාජ්‍ය පලනයන් යටතේ ඉඳ හිට ඇතිවූ යම් යම් තත්ත්වයන් තුළ ජනතාව අත්‍යවශ්‍ය කරුණක් අරඹයා පෝලිමක සිටියද ඒවා එතරම් දුරදිග ගිය දේ නොවීය.

එහෙත් එලෙසින් පැවති යහපත් තත්ත්වය උඩුයටිකුරු කරමින් රටේ ජනතාවට පෝලිම් රසය ඇති පදම් දෙන්නට අද වත්මන් ආණ්ඩුව කටයුතු කර තිබෙන්නේ විශ්මිත අන්දමට නොවේද? අටුවාටීකා නොමැතිව කෙටියෙන්ම කිවහොත් පෝලිම් නිසා රටේ ජනතාවට හොම්බෙන් යන තැනටම ආණ්ඩුව දැන් හොඳටම වැඬේ කර අවසන්ය.

මේ පෝලිම් ආරම්භ වූයේ කොතැනක සිටද? එහි ආරම්භය සිදුවූයේ කොරෝනා වසංගතය මෙරට තුළ ව්‍යාප්ත වීම සිදු වූ ඉකුත් 2020 වසරේ මුල් කාර්තුවේ දී පමණය. ඒ වන විට ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකර දෙමින් 2019 ජනාධිපතිවරණය අවසන් වී තිබිණි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ ජනාධිපති ලෙස තේරී පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේද වෙනසක් සිදුවූ අතර බහුතරයක් නොමැති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන ආණ්ඩුවක් රට පාලනය කළේය. රට තුළ පැවතියේ ඉදිරි මහ මැතිවරණයක උණුසුමය.

මේ තත්ත්වය තුළ කොරෝනා වසංගතය රටට එබිකම් කිරීමත් සමඟ රට වසා දමන්නට රජය කටයුතු කළේය. එහිදී ජන ජීවිතය අඩාල වූ බැවින් සියලූ දෙනාට රුපියල් පන්දහසක දීමනාවක් ලබා දීමට තීරණය කෙරිණි. ඒ අනුව වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව මුලින් රටේ ඇති වූයේ රුපියල් 5000 සේ පෝලිම්ය. නිකන් දෙන පන්දහස ලබා ගන්නට ජනතාව ග‍්‍රාම නිලධාරී කාර්යාල අසල කොරෝනා අමතකව පොදිකමින් පෝලිමේ සිටින්නට වූහ.

එහිදී පන්දහස ගන්නට පෝලිමේ සිටි අය යම් යම් දේ කීවද ඒ හැටි විරෝධයක් එකී කිසිවකුගෙන්වත් මතුවූයේ නැත. පසුව වසංගත තත්ත්වය තරමක් පාලනය වීම හේතුවෙන් රට යළි විවෘත කෙරෙණි. එහෙත් වැඩි කලක් එසේ ඉදිරියට යන්නට හැකි වූයේ නැත. ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් 4 වැනිදා බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මතුවෙමින් යළිත් වරක් කොරෝනා හිස ඔසවන්නට වූ අතර එහිදී එක්වරම රට වසා දැමීමට රජය ඉක්මන් නොවීය.

නිරෝධායන ඇඳිරි නීති වැනි දේ තුළින් තත්ත්වය පාලනය කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දැරීය. එහිදී ගමේ වෙළෙඳසල ඉදිරිපිට සහ ඖෂධ හල් ඉදිරිපිට ආදී ලෙසින් එක එක පෝලිම් රට පුරා ඇති වුවද කොරෝනා තත්ත්වය නිසා එයට ජනතා විරෝධයක් මතු නොවිණි. ආණ්ඩුව එසේ බ‍්‍රැන්ඩික්ස් පොකුර සමඟ ඔට්ටු වෙමින් කොරෝනා පාලනයට වෙහෙසෙද්දී පෑලියගොඩ මාළු කඩෙන්ද තවත් පොකුරක් මතුවීම හේතුවෙන් වැඬේ අල වී සියල්ල දුරදිග ගියේය. එහිදී මතුවූයේ රෝහල් වෙත ගිය රෝගීන්ගේ පෝලිම් සහ නිරෝධායනය සඳහා හමුදාව මගින් රැගෙන ගිය ආසාදිතයන්ගේ පෝලිම්ය. මේ අවස්ථාවේත් වැඩි ජනතා විරෝධයක් ආණ්ඩුව කෙරෙහි මතු නොවූයේ කොරෝනා නිසාය. මේ අන්දමට 2021 අපේ‍්‍රල් මාසය ආරම්භ වන විට යම්තාක් දුරට කොරෝනා තත්ත්වය පාලනය විය. යළිත් රට සාමාන්‍යකරණය වෙමින් තිබිණි.

එහෙත් කොරෝනා පැවතියේ අලූයට ගිනි සේය. එය ආණ්ඩුවට නොවැටහීම නිසාදෝ 2021 වසරේ සිංහල හින්දු නව වසර සමරන්නට ආණ්ඩුව ජනතාවට නිදහස දුන්නේය. අලූත් අවුරුද්දට අදාළ දෙසතියක කාලය තුළ යම් පාලනයක් පවත්වා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකළේය. ඇතැම් විට ඇතැමුන් ලබාදුන් කේවට්ට උපදෙස් එයට හේතු වූවාද විය හැකිය.

ඒ අනුව සිදුවූයේ කුමක්ද? අලූත් අවුරුදු පොකුර ලෙසින් යළිත් කොරෝනා වසංගතය අතිශය බිහිසුණු ලෙස හිස එසවීමත් සමඟ මුළු රටම කණපිට පෙරලූනේය. ඉන් පසුව ජනතාවට දැක ගන්නට ලැබුණේ හුස්ම ඉල්ලා රෝහල් වෙත ඇදෙන මිනිසුන්ගේ පෝලිම් සහ හුස්ම නොලැබී මියගිය මිනිසුන්ගේ සිරුරු රෝහල් කොරිඩෝ දිගේ දමා තිබෙන මළ මිනී පෝලිම්ය.

එම තත්ත්වය තුළ ආණ්ඩුව කෙරෙහි යම් ජනතා විරෝධයක් ගොඩනැෙඟමින් තිබිණි. එහෙත් ඒවා කාටත් අදාළ නොවීය. මෙසේ අලූත් අවුරුදු පොකුර මතුවීමත් සමඟ ආණ්ඩුව කළේ එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කිරීමය. ඒ අනුව ඉන් පසුව ඇති වූයේ එන්නත් විද ගැනීමට පෙළ ගැසුණු මිනිසුන් පිරි එන්නත් පෝලිම්ය.

ඒ ඇතැම් තැන්වලදී සෞඛ්‍ය අංශ අභිබවා ආණ්ඩුවේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් ඉස්මතු වීමට යෑම නිසා ජනතාව ගහමරා ගත් අවස්ථාද විය. සියල්ලේ වගකීම තිබුණේ ආණ්ඩුව අතය. එහෙත් ඒ වගකීම භාරගත් අයකු නොවීය. මේ අතරේ වෙළෙඳපොළේ ගෑස්, කිරිපිටි, සිමෙන්ති, හාල් ආදී වශයෙන් විවිධ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වීම නිසා ඒවා ලබා ගන්නට ජනතාව පෝලිමේ සිටින්නට වූහ.

එහිදී ආණ්ඩුව කළේ ඒවා විසඳන්නට මිල පාලන ගැසට් ඇති පදම් ගසා පසුව එකින් එක රිවස් කිරීමය. ආණ්ඩුවට පැහැදිලි වැඩපිළිවෙළක් තිබුණේම නැත. එකී ගැසට් ගැහිල්ල හමුවේ විපක්‍ෂයේ ඇතැමුන් හාස්‍යය උපදවමින් කීවේ මෙරට සිටි ප‍්‍රවීණ ජනපි‍්‍රය ගායකයකු වූ එච්. ආර්. ජෝතිපාල මහතා කැසට් ගැසුවාටත් වඩා ගෝඨාභය රජය ගැසට් ගසන්නේ යැයි කියාය.

මේ අතරේ වරින් වර රට තුළ ඉන්ධන හිඟයක්ද ඇතිවූ අතර ගෑස් හිඟය උච්ඡුතම තැන දක්වා ගමන් කළේය. එහිදී නම් ඉන්ධන ගන්නට ඉන්ධන හල් අසළ සහ ගෑස් ගන්නට ගැස් සිලින්ඩර් ඔසවාගෙන ගෑස් කඩ අසළ පෝලිමේ සිටි ජනතාව ලූණු ඇඹුල් ඇතිව ආණ්ඩුවට ආමන්ත‍්‍රණය කළේය.

ඒ අවස්ථාවේ ආණ්ඩුව කියන්නට වූයේ කොරෝනා නිසා ඩොලර් නැත කියාය. හැටනව ලක්‍ෂයක් දෙනා එකාවන්ව එක්ව ගෝඨාභය රාජපක්‍ෂ රජය බලයට ගෙන ආවේ තුන්තිස් පැයේ නැතිවාදම අසන්නට නොව වැඬේ ගොඩ දාගන්නට බව ආණ්ඩුව වටහා ගත්තේ නැත. පෙනෙන්නට තිබුණේ නම් වටහා නොගැනීමක් නොව ඒ සඳහා වුවමනාවක් නොතිබූ බවය. මේ අතරේ ආණ්ඩුවේ හරිත වගා සංකල්පය තුළ එක් රැයකින් සිදු කළ පොහොර තහනම හමුවේ රටේ ගොවි ජනතාව වීදි බැසීමෙන් තවත් පෝලිමක් නිර්මාණය විය.

මේ අන්දමට රට වටා විරෝධතා සහ ජනතා පෝලිම් ඇතිවීම ආණ්ඩුව සිතුවේ කිරිකජු වැඩ ලෙසින් යැයි කාගේත් හැසිරීම තුළින් පෙනෙන්නට විය. මෙසේ ඉදිරියට ඇදී ආ වත්මන් ආණ්ඩුවේ පෝලිම් කතාව දැන් විදුලිය නැතිව පැය හත අට කළුවරේ සිටින අතරේ ඉන්ධන ටික නොමැතිව ඉන්ධන හල් අසල පෝලිම්වල සිටින ජනතාව ගහමරා ගන්නා තැන දක්වාම ගමන් කර අවසන්ය.

ඉන්ධන නැති නිසා රැකියාවට යන අයට යන්නට අද බස්එක නැත. එළවළු ටික ප‍්‍රවාහනයට ලොරි නැත. හෙට දිනයේ පාසල් ආරම්භ වීමෙන් පසු පාසලට යන දරුවනට වෑන් රථය නැතිවනු ඇත. ලෙඩකට බෙහෙතක් ගන්නට යන මිනිසාට හදිසියකට යන්නට ත‍්‍රීවිලරය නැත. අස්වැන්න නෙළා ගන්නට මැෂිමට තෙල් ටික නොමැති ගොවියා අනාථය. මහ මුහුද සමඟ සටනට යන ධිවරයා ට භූමිතෙල් ටික ලබා ගන්නට නොහැකිය. දුප්ත් නිවසේ දැල්වෙන කුප්පි ලාම්පුව පමණක් නොව එදා වේල පිස ගන්නා ලිපද භූමිතෙල්ටික නොමැතිව නිවී ගොස්ය. මේ සිදුව ඇත්තේ මොනතරම් ඛේදවාචකයක්ද?

එකී මෙකී නොකී හැම දේම නැත. ඒ සියල්ල ඇත්තේ ඉන්ධන පෝලිමේය. මේ තත්ත්වය තුළ රටේ ජනතාවට සිදුව ඇත්තේ පෝලිමට සිටගෙන දුක් විඳන්නටය. එසේ දුක් වි`දීමේ කෙළවරක් පෙනෙන තෙක් මානයක නැත. රටම ඇත්තේ නන්නත්තාරවය. එහෙත් ආණ්ඩුව හැසිරෙන්නේ කිසි ගැටලූවක් නැති ගාණටය.

ඉතිහාසයේ කිසිදු කලක මේ රටේ ජනතාව මෙසේ පෝලිම්වල ජිවිතය විඳවන්නට නැත. අද මිනිස්සු විඳවන විඳවිල්ල ඒ තරමටම දරුණු එකක් වී ඇත. එසේ දුක් විඳින ජනතාව දෙස බලා ඇතැම් දේහපාලනඥයන් කරන්නේ කටකැඩුණු ප‍්‍රකාශ කරමින් කෝචොක් දැමීමය.

කට්ටිය බලයට පැමිණියේ නම් රට වෙනුවෙන් සියල්ල උපරිමයෙන් කරනනේ යැයි කියමිනි. එහෙත් දැන් ඇත්තේ ඒ කෙරිල්ල දෝරේ ගලා යමිනි. දිනෙන් දින මුළු රටම ඇදී යන්නේ මහා අගාධයක් වෙතටය. එහෙත් කළොත් කරන්නේ නැව ගිලූනත් බෑන් චූන් වැඩය. ජනතාවට එදා වේල සොයාගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත. පෝලිම්වල සිටිමින් අපා දුක් විඳ ලබා ගන්නා බඩුවල මිලද ගණන්ද අහස උසට ගොස්ය.

එසේ වුවද දේශපාලනඥයන්ගේ කොමිස් ගැහිලි, ගසා කෑම් විකුණාගෙන කෑම් අඩුවක් නැතිව කි‍්‍රයාත්මකය. මිනිස්සු අපාගතව සිටියදී දූෂණය ඇත්තේ ඉහවහා ගොසින්ය. ලෝකයෙක් හි`ගා කා ජීවත් වන තත්ත්වයට අද මුළු රටම බාල්දු කර අවසන්ය.

ගෙවී ගිය දෙවසරක කාලය තුළ ආණ්ඩුවේ නොහැකියාව සහ එක් ප‍්‍රතිපත්තියක නොවුනු ඇතැම් තීන්දු තීරණ හමුවේ ඉහත කී පරිදි රට පුරා ඇතිවූ සියලූ පෝලිම් තවමත් එසේමය. ඒ අතරේ නුදුරේදීම ආණ්ඩුවෙන් ඉවතට යන මන්තී‍්‍ර පෝලිමකුත් නිර්මාණය වන තත්ත්වයක් උදාවී තිබෙන බව මේ මොහොත වන විට පෙනෙන්නට ඇත.

පැහැදිලිව දැන් ආණ්ඩුවේ ඇතුළතත් ගැටය. පිටතත් ගැටය. ඒ ගැට ලිහන්නට අද කැබිනෙට්ටුවේ හැඩය වෙනස් කළාට එම`ගින් ජනතාවට ලැබෙන සහනයක් ඇත්තේම නැත. එකී තත්ත්වය තුළ අද පෝලිම්වල දුක් විඳින රටේ ජනතාව එක පෙළට හිඳ බලා සිටින්නේ මේ රජය ගෙදර යන දවස උදාවනතුරුය. මේ මොහොත වන විට හැටනව ලක්‍ෂයේ වැඩි දෙනෙක් ඉන්නේද ඒ පෝලිමේම ය. ඡන්දය දුන් නොදුන් කියා වෙනසක් නැත. ඇතිවී තිබෙන ජනතා උදහස ඒ තරමටම ප‍්‍රබලය.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය කාලයේ දේශපාලන වේදිකා මතදී විපක්‍ෂය හාස්‍යයට ලක්කරමින් විමසූ ආකාරයට ආණ්ඩුවේ හැමෝම දෙස බලා අද අපටද විමසීමට ඇත්තේ දැන් සැපද කියාය. එසේ කියන්නට සිදුව ඇත්තේ රටේ ජනතාව අද විඳින දුක් කන්දරාව හමුවේ වෙන කරන්නට දෙයක් ඉතිරිව නැති නිසාය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment