හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය ඉෂාලිනි ජූඞ් කු-මාර් යන අයගේ මළසිරුර අධිකරණ නියෝග මත ඩයගම පොදු සුසාන භූමියෙන් නැවත ගොඩගැනීම ඊයේ (31 දා* සිදු කරන අවස්ථාව මෙහි දැක්වේ.
එම මළසිරුර පිළිබඳව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ දෙවැනි වරටත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කරන ලද ඉල්ලීම මත නුවරඑළිය මහෙස්ත‍්‍රාත් ලූෂාකා කුමාරි ධර්මරත්න මහත්මියගේ නියෝග මත මෙම මළසිරුර නැවත ගොඩ ගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත විශේෂ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ගෙන යෑමටද පියවර ගන්නා ලදී.
රිෂාඞ් බදියුදීන් මහතාගේ බොරැුල්ලේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඩයගම වතුයායේ පදිංචි ඉෂාලිනී ජූඞ් කුමාර් දැරිය එම නිවස තුළදී පිළිස්සීමකින් මියයෑමෙන් පසු එම දේහය ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භූමියේදී මිහිදන් කර තිබිණි.
හැටන් – මනුර සුදත් සෙල්ලහේවා
නුවරඑළිය – නාලක රත්නායක