ඉසව් 44 කින් සැදුම්ලත් වන ලෝක කනිෂ්ඨ ශූරතා වයස අවුරුදු 20න් පහළ පිරිමි සහ කාන්තා මලල ක‍්‍රීඩා තරගාවලිය අද (18) කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි කසරානී මෝයි ජාත්‍යන්තර ක‍්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ කෙරේ.
අද (18) සිට ලබන ඉරිදා (22) දක්වා පැවැත්වෙන මෙවර ලෝක කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 119 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වෙති.
මෙවර ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩකයින් තිදෙනකුගෙන් සහ ක‍්‍රීඩිකාවන් සිව් දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් තරග ඉසව් 05 කට සහභාගී වීමට නියමිතය.
මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ ඉසුරු කෞශල්‍ය අභයවර්ධන (මීටර් 400) සහ කොළඹ ලූම්බිණි විද්‍යාලයේ මේධානි ජයමාන්න (මීටර් 100) මුල්ම දිනය වන අද (18) ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ධාවන පථයට පිවිසීමට සූදානම්ව සිටී.
එමෙන්ම, මීටර් 400 × 4 මිශ‍්‍ර සහාය ඉසව්ව සඳහා ද ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරග වදී. ඉසුරු කෞශල්‍ය අබේරත්න, රවිඳු ඩිල්ශාන් බණ්ඩාර, රවිඳු සිතුම් ජයසුන්දර, තරුෂි කරුණාරත්න, ලක්ෂිමා මෙන්ඩිස් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් සහාය දිවීමේ කණ්ඩායම නම් කිරීමට නියමිතය.
ශානිකා ලක්ෂානී සහ තරුෂි කරුණාරත්න හෙට (19) මීටර් 800 කාන්තා ඉසව්වට තරග වදින අතර මේධානී ජයමාන්න සහභාගී වන මීටර් 200 මූලික තරගය 20 දින පැවැත්වේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර