ඉහළ කොත්මලේ ජලාශයේ කාන්තා මළ සිරුරක්

97

තලවකැලේ ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් ඊයේ (31 දා) හමු වූ බව තලවකැලේ පොලිසිය පැවසීය.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශයේ කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත තලවකැලේ පොලිසියේ ජීවිත ආරක්ෂක භටයින් විසින් සිරුර ගොඩගත් බව තලවකැලේ පොලිසිය කියා සිටියි.

ගොඩගත් සිරුර දැඩි ලෙස නරක් වී තිබූ බවත්, සිරුරේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නැති බවත් පොලිසිය කියයි.

නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ අධිකරණය වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පැවසීය.

නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment