ඊශ්‍රායලයෙන් ‘ආරුගම්බේ’ සිනමා පටයකට නඟයි

323

ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙකුගෙන් සමන්විත පිරිසක්, “ආරුගම්බේ ” නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා පසුගිය දිනක රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙම සිනමා පටය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්බේ මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙමඟින් ශ්‍රී ලංකාවේ භෞතික සෞන්දර්ය ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ බව මෙම කණ්ඩායමේ ප්‍රකාශකවරයකු කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය.

විශේෂයෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේ මුහුදු වෙරළ ආශ්‍රිතව සිදු කෙරෙන රළ මත ලිස්සා යාම ඊශ්‍රායල ජාතික තරුණයන් මහත් ආස්වාදයක් ලබන ක්‍රීඩාවක් බවත්, එම තත්ත්වය යුරෝපීය ජාතිකයන් අතර ප්‍රචලිත කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ සිනමා සංචාරක ප්‍රවර්ධනයක් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවට, එම රටවල සිනමාකරුවන්, සිනමා පට නිෂ්පාදනය සඳහා මෙරටට ඇද ගැනීම තුළින් විදේශ විනිමය උපයා ගැනීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් පිරිස එළඹෙන මැයි මස 22 දින දක්වා මෙරට රැදී සිටිමින් මෙම සිනමා පටයේ රූ ගත කිරීම් සිදු කිරීමට නියමිතය.

මෙම සිනමා පටයේ තවත් කොටසක් ඊශ්‍රායලය තුළ ද රූ ගත කිරීමට නියමිතය.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment