ඊශ්‍රායලය අල් ජසිරා රූපවාහිනිය වසා දැමීමට යයි

158

හමාස් සංවිධානයට වැඩි ප්‍රචාරයක් ලබාදෙන බව පවසමින් ඊශ්‍රායලය එරට ක්‍රියාත්මක වන ප්‍රකට අල් ජසිරා රුපවාහිනී නාළිකාව වසා දැමීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ගාසා තීරයේ පවතින යුද්ධය මධ්‍යයේ අල් ජසිරා රුපවාහිනි නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙටන් යාහු පවසා තිබේ.

ඊශ්‍රායල පොලිසිය, යෙරුසෙලමේ ඇම්බැසඩර් හෝටලයේ පිහිටි කටාර් රාජ්‍යයට අයත් අල් ජසිරා කාර්යාලය පෙරේදා (05දා) වටලා ඇති බව ද වාර්තා විය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment