ඊශ්‍රායලය යළි සටන් අරඹයි

501

පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ඊශ්‍රායල හමුදාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඉන් වෛද්‍යවරයෙක් සහ ගුරුවරයෙක් ඇතුළු පලස්තීනුවන් 7 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය පැවසුවේ ජෙනින් නගරයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි ඉලක්ක කර එම ප්‍රහාරය එල්ලකර ඇති බවය.එම නගරයේ හමාස්, ෆාටා, සහ ඉස්ලාමීය ජිහාඩ් වැනි සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක බව සඳහන් ය. ජීවිතක්ෂයට පත්වූ වෛද්‍යවරයා සහ ගුරුවරයා සේවාස්ථාන කරා යමින් සිටියදී ප්‍රහාරයට ලක්ව තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment