ඉකුත් වසරේ ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ සිට පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටි තවත් හතරදෙනකු මියගොස් ඇති බව ඊශ්‍රායල හමුදා විසින් තහවුරු කර තිබේ. දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයේ ඊශ්‍රායල හමුදා විසින් යුද මෙහෙයුම් සිදු කරමින් පැවතියදී අදාළ ප්‍රාණ ඇපකරුවන් සිවුදෙනා මරා දමා ඇති බවත් ඔවුන්ගේ මළ සිරුරු තවමත් හමාස් සංවිධානය සතුව තබාගෙන ඇති බව ඊශ්‍රායලය විසින් නිවේදනය කර තිබේ. මෙසේ මරා දමා ඇති ප්‍රාණ ඇපකරුවන් සිවුදෙනා බ්‍රිතාන්‍ය -ඊශ්‍රායල ජාතිකයකු වන නඩව් පොප්ලේවෙල් (51), චෙම් පෙරී (79) යොරාම් මෙට්සාගර් (80) හා අමිරාම් කුපර් (85) වශයෙන් හඳුනාගෙන තිබේ.
|