ඊළමට සහාය දෙන්න: – ශ්‍රී ලංකාව පිළිබඳ  ප්‍රතිපත්තිය වෙනස් කරන්න – වයිකෝ ඉන්දීය රජයෙන් ඉල්ලයි

183

කොටි හිතවාදී එම්. ඩී. එම්. කේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසත් ස්වාධීන දෙමළ ඊළමක් පිහිටුවීම සඳහා වූ ජනමත විචාරණයකට සහාය දෙන ලෙසත් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය සී. එන්. අන්නදුරේගේ 114 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී අදහස් දක්වමින් වයිකෝ කියා ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව උතුරු – නැගෙනහිර සාම්ප්‍රදායික දෙමළ නිජබිමෙන් ඉවත් කිරීම සඳහා ඉන්දියාව කටයුතු කළ යුතු බවයි.

ස්වාධීන දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද ජනමත විචාරණයක් ද ඔහු ඉල්ලා ඇත.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment