ඊළම පිහිටුවන්න ජනමත විචාරණයක්

263

ඇමරිකානු කොන්ග්‍රස් මන්ත්‍රීවරු දෙදෙනෙක් යෝජනා කරති

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඊළම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස ඇමරිකානු කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් වන ඩෙබොරා රොස් සහ බිල් ජොන්සන් කොන්ග්‍රස් මණ්ඩලයට යෝජනාවක් ගොනු කර ඇත. එසේම ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ද යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස ඔව්හු දන්වා තිබේ.

ශ්‍රී ලංකාව දෙකට කිරීමේ අරමුණින් ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයට යොමු වූ මුල්ම යෝජනාව මෙයයි. කරුණු නවයකින් සමන්විත මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවූ බවත්, උතුරු නැගෙනහිර ශ්‍රී ලංකා හමුදාව අල්ලාගෙන සිටින බව පිළිගන්නා ලෙසත් ඉල්ලා තිබේ. මේ හැර උතුරු නැගෙනහිරදී මියගිය පිරිස සිහි කිරීමට ක්‍රියාකරන ලෙස ද එම යෝජනාවේ සඳහන් කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment