ඊ. එම්. එස්. බී. ඒකනායක අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට

108

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ. එම්. එස්. බී. ඒකනායක මහතා පෙරේදා (12 දා) පස්වරුවේ කොළඹ” කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකි. 2015 – 2019 කාලය තුළ තෙවතාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති ඒ මහතා සිව්වැනි වතාවට එම ධුරයට පත්කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ඊ. එම්. එස්. බී. ඒකනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත. ඒ මහතා වසර 30 ක් ඉක්මවූ සිය පරිපාලන සේවාවේදී යෞවන කටයුතු ක්‍රීඩා” සමෘද්ධි” නිවාස” කර්මාන්ත” විදේශ හා මුදල් අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයන්හි සේවය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment