උක් කපන මන්න පිහියෙන් දත් තුනක් කැඩෙන්න ගහලා

219

67 හැවිරිදි පුද්ගලයාට බරපතළයි

සියඹලාණ්ඩුව, සූරියතලාව ට්‍රාන්ස්ෆෝමරය අසල පදිංචි 67 හැවිරිදි පුද්ගලයකුට අතින් පයින් පහරදී උක්ගස් කපන පිහියකින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ අයගේ දත් තුනක්ද ගැළවී ඇති අතර ආර්. ඩී. සිරිසේන නමැති තුවාලකරු දැනට සියඹලාණ්ඩුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. තුවාලකරු බිරිඳ සමඟ නිවසේ සිටියදී නිවස ආසන්නයේ කෑගසන ශබ්දයක් ඇසී ඒ දෙසට දිව ගොස් ඇත.

එම අවස්ථාවේදී එම ප්‍රදේශයේ පදිංචිකරුවකු සමඟ ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව තුවාලකරුට අතින් පයින් පහරදී ඔහු අත තිබූ උක්ගස් කපන පිහියකින් පහරදී ඇත.

පහරකෑමට ලක්වූ අය ඒ අසල ඉඩමේ වැටී සිටියදී ඒ බැව් 1990 සුවසැරිය ගිලන්රථ සේවාවට දැනුම්දීමෙන් අනතුරුව තුවාලකරු සියඹලාණ්ඩුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබේ. සිද්ධියට සම්බන්ධ එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු පහරදීමට යොදාගත් උක්ගස් කපන පිහියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සහ නඩු භාණ්ඩ සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති රවීන්ද්‍ර හේරත් මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment