උකුසු ප්‍රහාරයෙන් කූඩුව ඔළුවට: – දෙබර ප්‍රහාරයෙන් ගොවියා මරුට බිරිඳ රෝහලේ

848

මුලතිව් තුනුකායී ප්‍රදේශයේ දී දෙබරුන් දෂ්ඨ කිරීම නිසා ගොවියකු මියගොස් ඔහුගේ බිරිඳ සිහිමූර්ජා තත්ත්වයෙන් 14 දා මල්ලාවී රෝහලට ඇතුළත් කර තිබේ.

කුඹුරක් අසල වූ තල් ගසක විශාල දෙබර කූඩුවක් තිබී ඇති අතර උකුස්සකු එම දෙබර කූඩුවට පහර දීම නිසා කූඩුව කැඩී පතිත වී ඇත්තේ ගොවියාගේ හා ඔහුගේ බිරිඳගේ හිස මතටය.

කුඹුරේ වැඩ කිරීමට ගොස් සිටියදී අනපේක්ෂිතව සිදුවූ මේ සිද්ධියෙන් දෙබරුන් දෂ්ඨ කිරීම නිසා ගොවියාත් බිරිඳත් සිහිමූර්ජා වී ඇති අතර තවත් ගොවීන් පිරිසක් මොවුන් දෙදෙනා මල්ලාවී රෝහලට රැගෙන ගොස් තිබේ.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි තුනුක්කායි, ආලංගුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි විශ්‍රාමික රියැදුරකු වූ මුරුගේසු බාලචන්ද්‍රන් නමැති ගොවියා මියගොස් ඇත. ඔහුගේ බිරිඳ තවමත් සිහි මූර්ජා ගතියෙන් මල්ලාවී රෝහලේ ප්‍රතිකාර ලබයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment