උගන්ඩාවේ කසළ කන්දක් කඩා වැටී 23ක් මරුට

137

උගන්ඩාවේ කම්පාලා අගනුවර පිහිටි දැවැන්ත කසළ කන්දක් ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 23 දෙනකු මියගොස් ඇති අතර තවත් නිවාස, පුද්ගලයන් හා සත්ත්ව ගොවිපළ රැසක් යට වී ඇති බව වාර්තා වේ. කම්පාලා නගරයේ පවතින ගොඩ කළ ඉඩමක තිබෙන එකම කසළ කන්ද ඉකුත් සිකුරාදා රාත්‍රියේ කඩා වැටීම හේතුවෙන් එම කන්ද යට ප්‍රදේශයේ පිහිටි නිවාස නිවැසියන් සමගම කසළවලට යට වී ඇත්තේ නිවැසියන් නින්දේ පසුවෙද්දී බව අනාවරණය වී තිබේ.

අදාළ කසළ කන්ද කඩා වැටීමෙන් යට වී සිටි 14 දෙනකු පොලිසිය විසින් බේරාගෙන තිබෙන අතර කඩා වැටුණු කසළ කන්දට යට වී සටින පුද්ගලයන් සොයා සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව උගන්ඩා පොලිසිය පවසයි. මේ අතර උගන්ඩා ජනාධිපති යෝවේරි මුසවෙනි සිය ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ තමා අගමැතිවරයාට කඩා වැටී ඇති කසළ කන්ද ආසන්නයේ පදිංචිව සිටින නිවැසියන් නිවාසවලින් ඉවත් කරන ලෙසට උපදෙස් දී ඇති බවයි. මේ අතර කසළ කන්ද කඩා වැටීමේ සිද්ධියට මුල් වූ හේතුව සොයා උගන්ඩා රජය විසින් විමර්ශනයක් දියත් කර ඇති අතර එම සිදුවීමට කිසියම් නිලධරයකු සම්බන්ධ බව අනාවරණය වුවහොත් එම තැනැත්තාට එරෙහිව පියවර ගන්නා බව උගන්ඩා රජය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment