එක්තරා වනන්තරයෙක දාරයේ සිට හෙක්ටයාර හත අටක් තරම් විශාල වූ බිම් කඩෙක කිතුල් අරඹක් තිබුණා! යාබද වූ ගම්මානයේ මෑන්ස් ලා කිහිප දෙනෙක් මෙහි රා මැදීම ජීවන වෘත්තිය වශයෙන් කරගෙන ගියා. මුළු මහත් වනාන්තරයේම සිටි උගුඩුවන් කලවැද්දන් හෝතඹුවන් බොහෝ දෙනකු පාක් කරලා හිටියේ මේ කිතුල් අරඹේ. ඊට හේතුවක් තිබුණා! කිතුල් ඇට උගුඩුවන්ගේත් කලවැද්දන්ගේත් ප්‍රියතම ඩයට් එකක්! ඒ වගේම උගුඩුවෝ රා බොන්නත් බොහොම මනාපයි! ඒකනේ උන්ට ටොඩි කැට් කියලත් කියන්නේ! ඒ වගේම කලවැද්දෙකුට ඉ`දලා හිටලා හරි චිකන් ඩයට් එකක් දාන්න හිතුනා නම්, ටූ මිනිට්ස්,! පැන්නා ගමේ ගම මෑන්ස් කෙනකුගේ කොටුවකට! ඉස්සුවා පට් ගාන කොට කුකුළෙක්! වයිට් ලැගෝන් ඕන්නම් එහෙමයි! බ්‍රවුන් ලැගෝන් ඕන්නම් එහෙමෙයි! බ්‍රොයිලර් ඕන්නම් ඒත් එහෙමයි! ස්පෙෂල් ඩිනර් එකකට ටර්කීස්ලාත් උස්සනවා! හැබැයි ගංකොක්ස් ලා උස්සන එක නං එච්චර ලේසි නෑ! මොකද කියනවා නම් උන් නයිට් පාක් කරන්නේ කම්බි දාලා ගස් තුන හතරක් මැදිවෙන්න ඉහළ එල්ලපු කම්බිෆොටබල් එපාර්ට්මන්ට් වල ! ඒක නිසා කලවැද්දන්ට කම්බි දිගේ ගිහින් ඒ එපාට්මන්ට්වල ඉන් කොක්ස්ලාට ගේම දෙන්න ටිකක් අමාරුයි! අනික ඉහළ පාක් කරලා ඉන්න නිසා උන්ට දුර පේනවා! කලවැද්දාල හෝතඹයා වත්තට ඇන්ටර් වෙනකොටම කොක්ස්ලා, සයිරන්, එක ගහන්න පටන් ගන්නවා ඉතිං මේ, කොක්ක ඩොඩොල්ස්, එක ඇහුන ගමන් මහ එකා ඒ කිව්වේ පෝල්ටි්ර පෝල් පොල්ලක් අරගෙන එළියට බහිනවා!! එළියට බහිනවා කියන්නේ චිකන් කන්න නෙමේ වෙන්නේ! චිකන් ෆොක්ස් හදාගෙන පරලොව යන්න! ඒක නිසා චිකන් හාටඞ් කලවැද්දන් හෝතඹුවන් මේ ගේමට ටිකක් හොරයි. කොහොම වුණත් චිකන් නැතත් රා මදින කිතුලකට නැග්ගා නම් සුරලොව මිහිර ලබා ගන්න ඕනෑ උගුඩුවකුට කලවැද්දෙකුට ඉඩ ප්‍රස්ථාව තියෙනවා! වැඬේ තියෙන්නේ මේ කලවැද්දන්ගේ උගුඩුවන්ගේ ක්‍රියා කලාපයේ තියෙන අප්සට් ගතිය හින්දා නිකං හරි රා මදින එකෙකුට බදර් වුනානම් ආයෙත් දෙකක් නෑ, තන්හාය ජාති සෝකෝ, තමයි! මං මේ කලවැද්දන්ගේ සහ උගුඩුවන්ගේ ක්‍රියා කලාපයේ අප්සට් එක කියලා කිව්වේ මොකද, කිතුලේ එල්ලලා තියෙන මුට්ටිය සමහර එවුන් මණ්ඩියටම අදිනවා! එහෙම වුණාම ටොඩි ටැපර් සැක හිතනවා මුට්ටියට වැටෙන රා වලට මොකද වුණේ කියලා! එහෙම නැතුව ගස් හතර පහක මුට්ටි වලින් ටික ටික ඇද්දානම් ඌට අල්ල ගන්න බෑ! කොහෙද ඉතිං මේ පෙරේත උගුඩුවෝ කලවැද්දෝ පුරුදු වෙලා ඉන්නේ මොනවා හරි හම්බ වුණොත් ඒක මණ්ඩියටම සුද්ද වෙන්න ගේම දෙන්න නේ!
කොහොම හරි ඉතිං අරඹේ ගස් සෑහෙන ප්‍රමාණයක ගම මෑන්ස්ලා බෙදාගෙන රා මදින හින්දා මේ රා මදින කිතුල් ගහක එකපිත්තක් මුල කොල පතක තනා තිබූ ලේනෙකුගේ නිවහනක් බලහත්කාරයෙන් අයිති කරගෙන උගුඩුවෙක් පදංචි වී හිටියා. උගුඩුවාගේ කිතුල් විලා එක මාර කොන්ෆොටබල්! මොකද, ලේනා මේක ඩිසයින් කරලා තිබුණේ ගොතෙක් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව, නියම විදියට ජෙනුවින්, ඔරිජිනල් මැටීරියල් භාවිතා කරලා බොහෝම සනීපෙට සැප පහසුවට ඉන්න පුළුවන් විදියට! යටට කොහු මැට්ට්රස් දාලා වෙන්ටිලේෂන් හෝල්ස් තියලා, කොටින්ම මේක ඇතුලට රිංගුවම දැනෙන්නේ හරියට කුල් රූම් එකක ඉන්නවා වගේ! ඉතිං ලේනා නිවහන ඇත්හැරලා ගියාට පස්සේ උගුඩුවා නිකම්ම මේ කොටේජ් එකේ ඕනර් වුණා මෙතන කොයිතරම් සැප පහසුකම් තියෙන තැනක්ද කියනවානම් උගුඩුවාට බඩගිනි දැනුනානම් දානවා රතුවෙන්න ඉදුණු කිතුල් ඇට ඩයට් එකක් ඊට පස්සේ මලේ එල්ලා තියෙන මුට්ටියට ඔලූව දාලා ගහනවා පෙන දාන ගහේ බඩු ලීටරයක් දෙකක් එක හුස්මට! වනාන්තරය පැත්තෙන් එන හුලං පොදකුත් ඇෙ`ග් දැවටිලා ටිකක් වෙලා යනකොට කොහොමද දන්නවද ?ජිස් දේශ් මේන් ගංගා බෙහෙති ෙහෙ තමයි! හැබැයි ඉතිං සමහර දාට හිතට දුකක් කේන්තියක් නං එදාට ගහනවා කිතුල් පිත්ත දිගේ යන්න බැරි සයිස් එකට. ඉතිං නිවහනට බඩ ගා ගෙන හරි ගිහිල්ලා පරණ සිංදුවක් කාරිය කියාගෙන පැත්ත වැටෙනවා!
නොහ`ඩන් ලදුනේ…. නොහ`ඩන් ලදුනේ… සුරා පොදක් මා තොලගෑ පමණින් සුරා සොෙ`ඩකු වේදෝ …..,
කර්පට් වෙන්න වැදිලා හිටිය උගුඩුවාට ඔන්න එදා එහෙමම ෂපාන් එකට නින්ද ගියා. ගිනි මද්දහනේ දැනුන තිබහට මුට්ටියෙන් භාගයක්ම ඇදලා දැම්ම නිසා පොඞ්ඩක් ඕවර් ගියා වගෙයි! මොනා කරන්නද ? කන බොන කොට තරාදියෙන් කිරලා අසෝක වීදුරුවෙන් මැනලා කන්න බොන්න බෑනේ!
හවස තුන හතර වෙන කොට ඔන්න ටොඩි ටැපර් කිතුලට ආවා.
.ඈහ්… යකෝ මුට්ටියේ අඩිය වැහෙන්න විතරනේ රා වැටිලානේ තියෙන්නේ! එකත් එකටම මට පෙන්නේ උගුඩුවෙක් මුට්ටියේ රා වලට ගේම දෙනවා වගේ!, ටොඩි ටැපර් ඔලූව කරකවා බලන කොට පිත්තක් අස්සේ මැරුණා වගේ බෑවිලා ඉන්න උගුඩුවා දැකලා හෙමින් සීරුවේ ළ`ගට ගිහිං බෙල්ල මුලින්ම අල්ලා ගත්තා!
..ඈ බොල උගුඩුවෝ! තෝ නේද මේ කිතුලේ වැටෙන රා ටික වාෂ්ප කරන්නේ..
..මං… තමුසෙට කට් වෙලාද! පංච සීලය අකුරටම රකින මටද මේ රා ගුඞ්ඩා කියලා චෝදනා කරන්නේ!,
..තොට තවමත් වෙරි! පේන් නැද්ද රා ග`ද එන හැටි!,
..ආ ඒකද මේ පිස්සුනේ! මං මේ වයිෆ්ගේ පර්ෆියුම් එකක් පොඩි චේන්ජ් එකකටත් එක්ක ස්පේ‍්‍ර කර ගත්තා! නමුත් අහගන්නකෝ ස්ටෝරියක් තියෙනවා රාමන් අයියාට කියන්න! දහයට එකොළහට මං නැගිටින කොට තඩි සයිස් මීයෙක් බැදලා තියෙන හැරපට කපනවා! මං කිව්වා ඔය වැඬේ කරන්න එපා කියලා! ඌ වලියට ආවනේ මොනවා කරන්නද දුන්නා මං තුන් මුල්ල පැනලා මතක හිටින ගේමක් මං හිතන්නේ ඌ වනාන්තරයත් අතහැරලා යන්න ඇති ගිනි මද්දහනේ ෆුල් සීරියල් ගේමකට ඇන්ටර් වුණාම ඇ`ගපතට ටිකක් ආමාරුයි නේ! ඒක හින්දා පංච සීලයෙන් හතර සීලයක් රැකගෙන කිතුලෙන් පොඞ්ඩක් දෂ්ට කළා, යි උගුඩුවා කිව්වා.
..අද මං තෝව බේරලා අරිනවා….. හැබැයි තෝ ඔය වැඬේ පුරුද්දකට තියාගන්නවා නෙමෙයි!, රාමන් කිව්වා.
..මෙහෙමයි රාමන් හෙට වෙන කොට වෙන එකෙක් එන්න පුළුවන් මීයා ගියෙත් හිත හො`දකින් නෙමෙයි ඌ කිව්වා මොන ජාතිය දාලා හරි අතුරු තහනම් නියෝගයක් ගන්නවා කියලා එහෙම වුණොත් මං අයෙ ඔය මීයට නම් ගේම දෙන්න යන්නේ නෑ අහක බලාගෙන ඉන්නවා අද මං නොහිටියා නං මෙලහකට උඹ මේ කිතුල යට වල කජ්ජ ගහලා අරූ හැරපට කපලා ගියා නං මොකද වෙන්නේ!,
..හරි! උඹ කරපු වැඬේ බොහෝම ශ්‍රේෂ්ඨයි! ආයෙත් එහෙම මීයෝ කලවැද්දෝ හෝතඹුවෝ ආවොත් උඹ ගේම දීපං…. එදාට පොඞ්ඩක් ගනිං! ඒකට මගේ විරුද්ධත්වයක් නෑ මං උඹට හීනි අඩියක් ගහන්න අවසර දෙනවා හැබැයි උඹ මේ ගහ පරිස්සමට බලා ගන්න ඕනේ.. යැයි කිවූ රාමන් මුට්ටියේ වැටී තිබුණ රා ටිකත් පෙරාගෙන බිමට බැස්සා. උගුඩුවාට ලැබුණ අවසරයෙන් ඌ නිතිපතා මොකක් හරි අණ්ඩරයක් ඇදලා රා බොන්නට පටන් ගත්තා.
ආදර්ශය : ..අවසර ලත් රා තැබෑරුම.. යන යෙදුම භාවිතයට ආවේ උගුඩුවාට රාමන් දුන්න අවසරය පදනම් කරගෙනය.
– සරත්චන්ද්‍ර පත්ත`ඩුවන