මෙවර යල කන්නයේදී වගා කිරීම සඳහා රසායනික පොහොර නොමැතිව වගා බිම් පා`එවට ගොස් ඇතැයි පවසමින් බෝගහකුඹුර උඩුබාදන ගොවින් විරෝධතාවයක (16 දා) ඊයේ නිරත වුහ.
ගම පුරා කළු කොඩි ඔසවා විරෝධතා පුවරු ඔසවාගත් විරෝධතාකරුවෝ පෙළපාලියකින් වගා බිම් වෙත පැමිණියහ. අනතුරුව පොහොර නොමැතිව වගා කිරීමට නොහැකිව තිබෙන උඩුබාදන වෙල් යායේ සිට සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුහ. මෙහිදී ගොවීන් වගා කිරීමට ඇති බීජ අර්තාපල් නිවෙස්වල විනාශ වන බව පවසමින් ඒවා ඉහළට විසිකරමින් විරෝධතාවයේ නිරත වුහ.
බොරලන්ද සමන්ත කුමාර