උත්තර් ප්‍රදේශ් තෙරපීමට වගකිවයුත්තන්ට දඬුවම් දෙනවා – මහ ඇමැති

142

පුද්ගලයන් 121 දෙනකුට මරු කැඳවමින් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ තෙරපීමේ සිදු වීමට වගකිවයුත්තන් සොයා ඔවුන්ට දඬුවම් ලබා දෙන බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් පවසා තිබේ.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් අදාළ තෙරපීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කිරීමට කටයුතු කරගෙන යන බවද තෙරපීම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහ ඇමැතිවරයා පවසා තිබේ.

පෙරේදා (02) උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හතරැස් දිස්ත්‍රික්කයේ පැවැති ආගමික මෙහෙයකට සහභාගි වූ 121 දෙනෙකු තෙරපීමේ සිද්ධියෙන් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මේ අතර අදාළ තෙරපීමේ සිද්ධියෙන් මිය ගිය අයෙකුගේ පවුලකට ඇමරිකානු ඩොලර් 2400ක වන්දි මුදලක්ද තුවාල සිදු වූ අයෙකුගේ පවුලට ඇමරිකානු ඩොලර් 600ක වන්දි මුදලක්ද ලබා දෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment