හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන දිඹුල බොගහවත්තේ කෝවිලේ (22දා) දින උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එම කොවිලේ පාලක සභාවට එරෙහිව හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන් මහතා පැවසීය.

තම කාර්යාලයේ නිසි අවසරයක් නොමැති කොටගල ප‍්‍රදේශයේ තේ වතු දෙකක කෝවිල්වල උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් එම කෝවිලේ පාලක සභාවට සහ එම උත්සවවලට සහභාගි වූ හින්දු පූජකවරුන් දෙදෙනකුට එරෙහිව හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගෙන ඇති බවද කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය. එම උත්සවයට විශාල පිරිසක් සහභාගි වී ඇති බවත්, එම උත්සවයට සහභාගි වූ කිසිදු පුද්ගලයකු මුව ආවරණ නොපැළ`ද සිටින ආකාරය එම උත්සවයට සහභාගි වූ අයකු විසින් සිය ජංගම දුරකථනයේ පටිගත කර තිබුණි.
ඡායාරූප හා සටහන නුවරඑලිය – නාලක රත්නායක