කොළඹ නගරයේ ඓතිහාසික ගොඩනැගිල්ලක්, රැස්වීම් වලට නව අරුතක් එක්කරමින් ආකර්ශනීය ‘එක්සෙල් කළම්බු සම්මේලන මධ්‍යස්ථානය’ ලෙස පරිවර්තනය කර එලි දැක්වීම එක්සෙල් වර්ල්ඩ් සාඩම්බරයෙන් නිවේදනය කරයි.

උත්කර්ශවත් විවෘත කිරීම පුළුල් ලෙස පැතිරුණු, නවීකරණය කල එම පරිශ්‍රයේදී පසුගියදා මාධ්‍ය හමුවක් සමඟ සිදුකෙරිණ. ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, උත්සව අවස්ථා කළමනාකරුවන්, බ්‍රවුන්ස් සමූහයේ නිලධාරීන් එම තේජාන්විත අවස්ථාවට එක්වූයේ අපේ උරුමයක් වූ මෙම ගොඩනැගිල්ලට නව යුගයක් උදාවීම සනිටුහන් කරමිනි. වාහන නැවැත්වීමේ විශාල ඉඩකඩක් සහ පහසු ප්‍රවේශයක් සහිත වර්ග අඩි 30,000 ක් පුරා පැතිරුණු ‘එක්සෙල් කළම්බු සම්මේලන මධ්‍යස්ථානය’ මෙරට වාස්තු විද්‍යාත්මක දස්කම් මනාව පිළිබිඹු කරයි. දහසක් පමණවූ අමුත්තන් පිරිසකට සත්කාරකත්වය සැපයිය හැකි මෙය සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, රාත්‍රී භෝජන සංග්‍රහ,

ගෘහස්ථ ප්‍රසංග, වාර්ෂික මහා සභා රැස්වීම සහ වෙළඳ සල් පිල් ඇතුළු විවිධාංගික අවස්ථා සඳහා මධ්‍යස්ථානයක් ලෙස ප්‍රචලිත වනු නොඅනුමානයි. මෙම උත්සව අවස්ථාවන් සඳහා ප්‍රනීත ආහාර පාන සැපයීමටද කටයුතු යොදා තිබේ. මෙම ඕනෑම අවස්ථාවක ආරම්භයේ සිට අවසානය දක්වා අඩුපාඩුවකින් තොරව සේවා සැලසීම සඳහා එක්සෙල් කළම්බු සම්මේලන මධ්‍යස්ථානයේ විශේෂඥ කණ්ඩායමක් පූර්ණ අවධානයෙන් කැපවී සිටිනු ඇත. එක්සෙල් වර්ල්ඩ් ප්‍රධාන විධායක නිලධාරි පුලින්ද ප්‍රනාන්දු බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ප්‍රධාන විධායක නිලධාරි එක්සත් විජේරත්න යන මහත්වරුන් විසින් ‘එක්සෙල් කළම්බු’ සම්මේලන මධ්‍යස්ථානය විවෘත කළ අයුරුඡායාරූපයෙන් දැක්වේ

ඡායාරූපය ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment