උතුරට තවත් ආදාහනාගාර හයක්

88

උතුරු පළාත තුළ දැනට පවතින ආදාහනාගාර දෙකට අමතරව තවත් ආදාහනාගාර හයක් ඉදි කිරීමට උතුරු පළාත් පාලන කොමසාරිස්වරයා පෙරේදා (9 දා* අවසර ලබා දී තිබේ.

උතුරු පළාතේ පළාත් පාලන ආයතන කීපයක් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව කොමසාරිස්වරයා ඊට අවසර ලබා දී තිබේ. මේ වනවිට උතුරු ප‍්‍රදේශයේ ආදාහනාගාර ඇත්තේ වවුනියාව, පූන්තෝට්ටම් හා යාපනය පොම්මාවේලී යන ප‍්‍රදේශවල පමණකි.

කොරෝනා රෝගයෙන් මියයන පිරිස වැඩි වීමත් සමගම දැනට ඇති ආදාහනාගාර සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවීම නිසා අලූතින් ආදාහනාගාර යාපනය, මන්නාරම, මුලතිව් හා කිළිනොච්චි යන ප‍්‍රදේශ වල ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment