යුක්රේන හමුදාවන් සමග සටන් වැද සිටින රුසියානු හමුදාවේ සිටින උතුරු කොරියානු හමුදා භටයන් වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි දකුණු කොරියානු බලධාරීන් විසින් එරට සිටින රුසියානු තානාපතිවරයා හමු වී සිදු කළ සාකච්ඡාවකදී ඉල්ලා තිබේ. මේ වන විට යුක්රේන හමුදාවන්ට එරෙහිව සටන් වැදීම සඳහා පුහුණු කර ඇති උතුරු කොරියාවේ විශේෂ හමුදා බළකාය ඇතුළු හමුදාවට අයත් 1500 ක් පමණ දෙනා මේ වන විටත් රුසියාවට ගොස් ඇති බව වාර්තා වී තිබේ.
රුසියාවට ගොස් සිටින උතුරු කොරියානු හමුදා භටයන් සම්බන්ධයෙන් දකුණු කොරියාවේ සිටින රුසියානු තානාපති ජියෝජි සයිනෝවිව් සමග සාකච්ඡා පවත්වා ඇති දකුණු කොරියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති කිම් හොන්ග් ක්යුන් උතුරු කොරියානු හමුදා භටයන් එසේ රුසියානු හමුදාවට එක්වීම හෙළා දකිමින් කථා කර තිබූ අතර එයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම දකුණු කොරියාව විසින් ගන්නා බව අවධාරණය කර තිබේ. කෙසේ වුවද දකුණු කොරියාවේ සිටින රුසියානු තානාපතිවරයා මෙහිදී පවසා ඇත්තේ උතුරු කොරියානු රජය හා රුසියාව අතර පවතින සහයෝගිතාවය ජාත්‍යන්තර රාමුව තුළ පවතින බවයි. අවධාරණය කර තිබේ.