ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුද ආක්රමණය කිරීම වැඩි වීමත් සමගම යාපනයේ එක්සත් ධීවර සමිතිය යාපනයේ ගුරුනගර් ධීවර වරාය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් 26 දා ආරම්භකොට තිබේ.

යාපනයේ සියලූම ධීවරයින් මුහුදු යෑමෙන් වැළැකී ධීවර බෝට්ටු ධීවර වරාය ඉදිරිපිට ගාල්කොට කළු කොඩි ඔසවා තිබුණි. ඉන්දීය ධීවරයින් උතුරේ ධීවරයින්ට අයත් මුහුදු සම්පත බලහත්කාරයෙන් කොල්ලකනු ලැබූවත් රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් තමන්ට කිසිදු සහනයක් නොමැති බව ප්රකාශ කළ යාපනයේ ධීවරයෝ මෑතකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ප්රධානත්වයෙන් විරෝධතාවක් පැවැත්වූව ද ඉන් ද ඵලක් නොවූ බව පැවසූහ. යාපනයේ එක්සත් ධීවර සමිතිය විසින් ආරම්භ කළ මෙම විරෝධතාව ධීවරයින් කාණ්ඩවලට බෙදී දිගට ම කරගෙන යෑමට ද තීරණයකොට තිබේ.
දිනසේන රතුගමගේ