උතුරු හා වයඹ නාවික විධානයන් විසින් පසුගිය දින පහ ඇතුළත සිදු කරන ලද මෙහෙයුම් මගින් රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා හා හෙරොයින් තොගයක් අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සදහන් කරයි.
යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ අතහැර දමන ලද ගෝනි මළු 3ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 93ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගත් අතර, එම කේරළ ගංජා තොගය නාවික හමුදාව විසින් ගිනි තබා විනාශ කිරීමට කටයුතු කොට තිබේ.
නාවික හමුදාව විසින් යාපනය මුහුදේදීම සිදු කළ තවත් මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ තවත් කේරළ ගංජා කිලෝ 46යි ග්‍රෑම් 800ක් අඩංගු ගෝනියක් නාවික හමුදා භාරයට ගත් අතර, එම කේරළ ගංජා තොගය පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත, කරුකුපනේ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 377 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර එම ප්‍රදේශයට ඔබ්බෙන් සිදු කළ තවත් මෙහෙයුමකදී සැක කටයුතු යාත්‍රාවක් පරීක්ෂාකර එම යාත්‍රාවෙන් මුහුදට දැමූ ගෝනි මළු05ක පාර්සල් 98ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 238ක පමණ ප්‍රමාණයක් සහ එහි සිටි සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව හෙරොයින් සමග තවත් සැකකරුවකු වයඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෑත කාලයේදී නාවික හමුදාවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල වශයෙන් මර්දනය කිරීමට හැකි වූ බවද නාවික හමුදාව සඳහන් කරයි.
ඒ අනුව පසුගිය දින 05 තුළදී පමණක් නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 02 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ කේරළ ගංජා නීතියේ රැුහැනට හසුකර දීමට සමත් විය.
දිනසේන රතුගමගේ