යාපනයේ කුසුමන්තුරේ වෙරළේ නවතා තිබූ ධීවර බෝට්ටුවකට ඊයේ කිසියම් පිරිසක් විසින් ගිණි තබා විනාශ කොට ඇත.
බෝට්ටුව අහිමි වූ ධීවරයා යාපනයේ කයිට්ස් පොලීසියට පැමිණිලි කොට ඇත්තේ තමන්ගේ දැල් ආම්පන්න බෝට්ටුව තුළ තිබී ගින්නට හසු වී විනාශ වී ගිය බවය.
මේ නිසා තමන්ට රුපියල් ලක්ෂ පහක පමණ පාඩුවක් සිදු වී ඇති බව ධීවරයා විසින් පොලීසියට පැමිණිලි කොට තිබේ.
|