රජයට එරෙහිව තිස්සමහරාම නගරය් පැවැති උද්ඝෝෂනයේදී පිරිසක් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ නිවසට යන මාර්ග හංදියේ සිට රජයට එරෙහිව විරෝධතාවක ඊයේ (04) පැවැත් විය.
තිස්සමහරාම වටරවුමේ සිට පාගමනින් දෙබරවැව සේනපුර පිහිටි වාරිමාර්ග අමාත්‍ය වරයාගේ නිවසට අසලට යෑමට උද්ඝොේෂණ කරුවන් උත්සහ කළද පොලිසිය මාර්ග බාධකයන් යොදා මාර්ගය අවහිර කිරිම හේතු වෙන් අමාත්‍ය වරයාගේ නිවසට අසලට යෑමට උද්ඝෝෂකයින්ට නොහැකි විය. එහිදී උද්ඝෝෂකයින් අමාත්‍යවරයාගේ නිවසට හැරෙන හංදියේ සිට රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධත උද්ඝොේෂණයෙහි නියැලූනහ.