උදාවන සතියේ ඔබේ දෛවය

962

පෙබරවාරි 27 දා සිට


මේෂ

රැකියා හෝ ව්‍යාපාර සතුටුදායකයි. බාධා කරදර ජයගත හැකිවේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. නීතියේ පිහිට ලැබේ. යහපත් මිතුරු මිතුරියන් සම`ග කාලය ගත කරන්නට ඉඩ ලැබේ. ආදායම් සතුටුදායක වේ. සමාජයේ ඇති පිළිගැනීම හෝ ගෞරවය ඉහළ යනවා ඇත. බිරිඳ හෝ සැමියාට ද සුබදාකයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. කේතු දශා ගත කරන අය ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න.
සුබපාට රතු සුබ අංකය 3

වෘෂභ

ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ. විභාගවලින් සමර්ථ වේ. ආගම දහමට හිත යොමුවේ. සමාජ සේවාවන් හෝ පිංකමට සහභාගි විය හැකිවේ. රැුකියා ව්‍යාපාරවල ද සතුටුදායක තත්ත්වයක් පවතී. ප‍්‍රධානීන් ගේ ප‍්‍රසාදය හිමිවේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දරුවන්ගේ දියුණුවට කරනු ලබන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. නිතර නිවසින් බැහැරව යෑමට සිදුවිය හැකියි.
සුබපාට මිශ‍්‍රළා සුබ අංකය 6

මිථුන

උදාවන සතිය මිශ‍්‍රඵලදායක යි. ශනි ඒරාෂ්ටක අපලයන් ද පවතින නිසා ශරීර සෞඛ්‍යය රැුක ගැනීමට සැලකිලිමත් වෙන්න. සෙම්රෝග හා වාතාබාධ විශේෂයි. වැදගත් තීරණ ගන්නාවිට ඒ ගැන ඇනුමැති කෙනකුගේ උපදෙස් ලැබීමට කටයුතු කරන්න. විවාහ මංගල යෝජනා පිළිබඳ ගමන් බිමන්වලට බාධා පවතී. අනවශ්‍ය ලෙස විනෝදයට බරවීම නිසා දියුණුවට කරන කටයුතු අඩාල විය හැකිය.
සුබ පාට කහ තැඹිලි සුබ අංකය 5

කටක

ආදායම් සතුටුදායකයි. නමුත් සතියේ මුල් දින දෙකතුනේදී අසනීප ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. සෙම් රෝග විශේෂයි. අඹු – සැමි සමගිය ඇතිවේ. හවුල් ව්‍යාපාරවල දී හවුල් කරුවන්ගේ සහයෝගය ලැබේ. නිවාස ඉදිකිරීම් කටයුතුවලට තරමක බාධා පවතී. ලියකියවිලිවලට අත්සන් කරනවිට පරීක්‍ෂාකාරී වන්න. රැුකියා ව්‍යාපාර මිශ‍්‍රඵලදායකයි.

සුබ පාට සුදු ක‍්‍රීම් සුබ අංකය 2

සිංහ

උදාවන සතිය බොහෝ දුරට සුබඵලදායකයි. උසස් අයගේ උදව් ලැබේ. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබේ. උත්සහය ධෛර්ය වැඩි වේ. සේවක පක්‍ෂයේ සහයෝගය ලැබේ. ආගම දහමට හා සමාජ කටයුතු කෙරෙහි හිත ඇදී යයි. සමාජයේ ඇති ගෞරවය වැඩි වේ. ගෘහ ජීවිතය සුබඵල දායක වේ. රැකියා හෝ ව්‍යාපාර ගැටලූවලට ද විසඳුම් ලැබිය හැකියි. සති අන්තයේ දී සෞඛ්‍ය රැුක ගැනීමට විශේෂයෙන් උනන්දු වෙන්න.
සුබ පාට රෝස සුබ අංකය 3.

කන්‍යා

උදාවන සතිය මිශ‍්‍රඵලදායක බව පෙනේ. විශේෂයෙන් වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. තැන්පත් මුදලක් පවා වැය වීමට ඉඩ තිබේ. මේ නිසා පවුලේ වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. වාසනාව ගැන නොව උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කරන්නේ නම් බලාපොරොත්තු ඉටුකර ගැනීම අපහසු නොවේ. රැුකියා අංශවල උසස් අය සම`ග ප‍්‍රවේශමින් කටයුතු කරන්න.
සුබපාට ළා කොළ සුබ අංකය 4.

තුලා

ගෘහ ජීවිතය සතුටින් ගත කරන්නට හැකි වේ. ස්වයං රැුකියා හෝ ගෘහාශී‍්‍රත ව්‍යාපාරවලින් ලාභ ලැබේ. හිතේ සතුට ඇති වේ. ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ. විභාගවලින් ද සමර්ථ විය හැකිවේ. ආයෝජනවලින් ලාභ ලැබේ. අඹු – සැමි සමගිය ඇතිවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින්ද සතුටුදායක ප‍්‍රතිඵල ලැබේ. රාහු දශා ගත කරන අයට තරමක බාධා පවතී.
සුබ පාට මිශ‍්‍රළා පාට සුබ අංකය 6

වෘශ්චික

උත්සාහය හා උනන්දුව නො අඩුව පවතින නිසා බොහෝ බාධා ජයගත හැකිවේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. ලිපි ලේඛන හෝ ගිවිසුම් වැනිදේට අත්සන් කිරීමට සුබතැනක් යෙදේ. සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබේ. ගෘහ ජීවිතය සුබදායකයි. පවුලේ දියුණුවට තරග කටයුතු සාර්ථක වේ. රවි දශා ගත කරන අයට තරමක බාධා පවතී. උසස් අය සම`ග කටයුතු කරනවිට ප‍්‍රවේශම් වෙන්න.
සුබ පාට සුදු ක‍්‍රීම් සුබ අංකය 2.

ධනු

උත්සාහය ධෛර්ය ඇතිවේ. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. ගෘහ ජීවිතය සතුටුදායක නමුත් කාර්ය බහුල බව පෙනේ. ආදායම් සතුටුදායකයි. එහෙත් වියදම් තරමක් ඉහළ යනවා ඇත. වියදම් පාලනය කරගැනීමට සැලකිලිමත් වෙන්න. කේතු දශා ගත කරන අය ශරීරයේ පෝෂණය ගැන උනන්දු වීම වැදගත්ය.
සුබපාට කහ තැඹිලි – සුබ අංකය 5.

මකර

උදාවන සතිය මිශ‍්‍රඵලදායකයි. පසුගිය දින කිහිපයේ තිබූ ගැටලූවකට විසඳුමක් ලැබේ. අඹු සැමි සමගිය ඇති වේ. ආදායම් මාර්ග හා රැුකියා අංශවල තරමක බාධා පෙන්වයි. හදිසි කෝපය හා කලබලවීම නිසා පාඩු සිදුවීමට ඉඩ තිබේ. හෘදයාබාධ, රුධිර ධාවනය පිළිබඳ ගැටලූ හා ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න
සුබ පාට නිල් සුබ අංකය 7

කුම්භ

අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව ඉහළ යයි. දරුවන් ගැන සිතා සතුටුවිය හැකිවේ. අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර විය හැකියි. අඹු – සැමි සමඟිය ඇති වේ. හවුල් ව්‍යාපාර සාර්ථක වේ. නීතියේ පිහිට ලැබේ. බිරිඳ හෝ සැමියාට සුබඵල දායකයි. ශනි ඒරාෂ්ටක අපල තත්ත්වයක් ද පවතින නිසා සෙම් රෝග වැනි අසනීපවලින් ප‍්‍රවේශම් වෙන්න. වාසනාව ගැන නොව උත්සාහය ගැන විශ්වාසය තබන්න.
සුබ පාට නිල් සුබ අංකය 7

මීන

උදාවන සතිය මිශ‍්‍රඵලදායක බව පෙනේ. දරුවකු වෙනුවෙන් අමතර වෙහෙසක් දැරීමට සිදුවිය හැකියි. උත්සාහය වැඩි වේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. ණය මුදල්ක ලබා ගැනීමට තිබූ බලාපොරොත්තුවක් ඉටුවේ. ගෘහ ජීවිතය සතුටුදායකයි. රුධිරගත සීනි හා කොලෙස්ටරෝල් වැනි රෝග තිබේ නම් නිසි ලෙස වෛi උපදෙස් පිළිපදින්න. උසස් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ.
සුබ පාට සුදු කී‍්‍රම් සුබ අංකය 2.

කෑගල්ල – සුනිල් කුමාර ගම්ලත්
දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment