උදාවන සතියේ ඔබේ දෛවය

783

නොවැම්බර් 28 සිට

මේෂ –

පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. මේෂ හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත්වේ. පෙම්වතුන්ට සුබපලදායකයි. රැකියා හෝ ව්‍යාපාර අංශවල සේවක සහයෝගය ලැබේ. නමුත් උසස් අය සමඟ කරන කටයුතුවලදී ප‍්‍රවේශම් වෙන්න. ඌෂ්ණාධික රෝග, රුධිර ධාවනය පිළිබඳ සෞඛ්‍ය ගැටලූ තිබේ නම් වෛද්‍ය උපදෙස් පිළිපඳින්න. දිනපතා ආගමික කටයුතුකර සූර්ය පිරිත කියන්න. කේතු දශා ගතකරන අය ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න.

සුබපාට සුදුක‍්‍රීම්, සුබ අංකය 02.

වෘෂභ –

ගෘහ ජීවිතය සතුටුදායක බව පෙන්වයි. පවුලේ අය සමඟ සතුටින් කාලය ගතකිරීමට අවස්ථා උදාවේ. නමුත් විනෝදයට වුවමනාවට වඩා බරවීමෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ තිබේ. විශේෂ වැදගත් තීරණ ගැනීමේදී ඒ පිළිබඳව දැනුමැති අයගේ උපදෙස් ගැනීම මැනවි. රැකියා ව්‍යාපාර අංශවල සාමකාමී බවක් පෙන්වයි. බිරිඳ හෝ සැමියාට සුබපලදායකයි. සිකුරු දශාගත කරන අයට තරමක අපල පෙන්වයි. මංගල යෝජනාවලට සුබ නොවේ.

සුබපාට සුදුක‍්‍රීම්, සුබ අංකය 02.

මිථුන –

ලිපි ලේඛන පිළිබඳ කටයුතුවලට හෝ පොරොන්දු, ගිවිසුම් ආදිය අත්සන් කිරීමට සුබ නැකත් යෙදේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. අසල්වාසීන් සමඟ ඇති සුහදතාවය වැඩිවේ. සහෝදරයකු ගැන සුබදායක ආරංචියක් ලැබිය හැකියි. විවාහ සහකරුට සුබදායකයි. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. උසස් අයගේ උදව් උපකාර ලැබිය හැකියි. උත්සාහ, ධෛර්ය වැඩිවේ. ශනි දශා ගතකරන අයට තරමක් අපලයි. දිනපතා ආගමික වතාවන් කර මෙත් වඩන්න.

සුබපාට කහ තැඹිලි, සුබ අංකය 05.

කටක –

ගෘහ ජීවිතය සතුටුදායකයි. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සතිය ආරම්භයේ ධනලාභ පිළිබඳව බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවේ. නමුත් වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. සමහරවිට තැන්පත් මුදලක් පවා වැයවීමට ඉඩ තිබෙන බව පෙනේ. යහපත් මිතුරු මිතුරියන් සමඟ සතුටින් කාලය ගතවේ. අලූත් මිතුරන් හඳුනාගැනීමට ද අවස්ථා උදාවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. සේවක සහයෝගය ලැබේ. වාසනාව ගැන නොව ආත්ම ධෛර්ය ගැන විශ්වාසය තබා උත්සාහයෙන් කටයුතු කිරීම මැනවි. විවාහ ජීවිතය මිශ‍්‍රපලදායකයි.

සුබ පාට සුදුක‍්‍රීම්, සුබ අංකය 02.

සිංහ –

පසුගිය දින දෙක තුනේ හිතට කරදරයක්ව පැවැති යම් ගැටලූවකට විසඳුම් ලැබේ. අසනීපයක් තිබුණේ නම් සුව අතට හැරෙනවා. උත්සාහය, උනන්දුව වැඩිවේ. ප‍්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් නිතර යෙදේ. පෙම්වතුන්ට සුබදායකයි. සේවක සහයෝගය ලැබෙන නිසා ව්‍යාපාර හෝ රැකියා සාර්ථක වේ. ගෘහ ජීවිතය මිශ‍්‍රඵලදායකයි. ගෘහාශ‍්‍රිත ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ගෙදර කටයුතු ගැන වෙනදාට වඩා හිත යොමුවේ. රුධිර ධාවනය පිළිබඳ රෝග හෘදයාබාධ ඇති අය ශරීර සනීපය රැකගැනීමට උනන්දු වෙන්න.

සුබපාට රෝස, සුබ අංකය 03.

කන්‍යා –

පවුලේ අය සමඟ සතුටින් කාලය ගත කිරීමට හැකිවේ. ස්වයං රැකියා හෝ ගොවිතැන් කටයුතු සාර්ථක වේ. උනන්දුව හා උත්සාහය ඉහළ යයි. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. අසල්වාසීන් සමඟ ඇති සුහදතාවය වැඩි වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම අලස බව නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. උනන්දුවීම මැනවි. සතිය මුලදී ආදායම් මාර්ගවලට තරමක බාධා පවතී. වියදම් ද ඉහළ යා හැකියි. බුද්ධ වන්දනාව කර චන්ද පිරිත භාවිත කරන්න.

සුබපාට ළා කොළ, සුබ අංකය 04.

තුලා –

සතිය ආරම්භය සුබදායකයි. ගතවූ දින දෙක තුනේම තිබූ ප‍්‍රශ්නයකට විසඳුම් ලැබේ. අසනීප තිබුණේ නම් සුව අතට හැරේ. ආගම දහමට හිත යොමුවේ. අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. අඹු – සැමි සමගිය ඇතිවේ. දරුවන් ගැන සිතා සතුටුවිය හැකිවේ. රාහු දශාගත කරන්නේ නම් තරමක චිත්ත පීඩා ඇතිවිය හැකියි. අම්ල පිත්ත වැනි රෝග තත්ත්වයන්ගෙන් ප‍්‍රවේශම් වෙන්න. දිනපතා ආගමික වතාවන්කර චන්ද පිරිත භාවිත කරන්න. තනි තීරණ ගැනීමෙන් වළකින්න.

සුබ පාට මිශ‍්‍ර ළා, සුබ අංකය 06.

වෘශ්චික –

වෘශ්චික හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකියි. ගෘහ ජීවිතය සාමකාමීව ගතවේ. සතිය ආරම්භයේ සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කිරීම මගින් බාධා ජයගත හැකිවේ. වතුරෙන් ප‍්‍රවේශම් වෙන්න. උසස් අයගේ උදව් ලැබේ. රැකියා මිශ‍්‍රඵලදායකයි. ආදායම් ද සතුටුදායක වේ. පසුගිය කාලයේ ගනුලැබූ තීරණ පිළිබඳව පසුතැවිල්ලක් ඇතිවීමට ඉඩ තිබේ. දිනපතා ආගමික වතාවත් කර චන්ද පිරිත භාවිත කිරීමෙන් සුබපල ලැබේ.

සුබපාට සුදු, සුබ අංකය 02.

ධනු –

උත්සාහය, උනන්දුව නොඅඩුව පවතින නිසා දවසේ කටයුතු සාර්ථකකර ගැනීම අපහසු නොවේ. ප‍්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් යෙදේ. දූදරුවන් සමඟ සතුටින් කාලය ගතවේ. තමන්ට වඩා උසස් අය සමඟ කටයුතු කරනවිට ප‍්‍රවේශම් වෙන්න. නීතියේ පිහිට ලැබීම අපහසු නිසා නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවන්න. විවාහ මංගල යෝජනාවලට දින කිහිපයක් සුබ නොවේ. බාධා පවතී. ආගමික වතාවත්කර සූර්ය පිරිත භාවිත කිරීම මැනවි. සතිය මැදදී සෙම්රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න.

සුබපාට කහ, ශුභ අංකය 05.

මකර –

සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබෙන නිසා රැකියා හෝ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම අපහසු නොවේ. ධෛර්යය හා උත්සාහය නොඅඩුව පවතී.

රැකියා බාධා ජයගත හැකිවේ. නීතිමය අංශවල පිහිට ලැබේ. සමාජ තත්ත්වය ඉහළ යයි. ආදායම් සතුටුදායක වේ. පවුලේ අය සමඟ සතුටින් කාලය ගතවේ. දරුවෙකු නිසා සිත් තැවුලක් ඇතිවීමට ඉඩ තිබේ. අලස බව හා වැඩකල්දැමීම මෙන්ම විනෝදාංශ ද අධ්‍යාපනයට බාධා ඇතිකළ හැකියි. දිනපතා ජය පිරිත භාවිත කිරීම මැනවි.

සුබ පාට නිල්, සුබ අංකය 07.

කුම්භ –

අධ්‍යාපන කටයුතු සතුටුදායකයි. විභාගවලින් සමර්ථවිය හැකිවේ. රැකියා ව්‍යාපාර අංශවලද සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකියි. සමාජයේ ගෞරවය, පිළිගැනීම වැඩිවේ. තනතුරේ හෝ තත්ත්වයේ ඉහළයාමක් ද ඇතිවිය හැකියි. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබේ. දරුවන් ගැන හිතා සතුටුවිය හැකිවේ. මේ අතර ශනි තරමක් දුර්වලව ගමන් කරන නිසා ශරීරය සුවතාවය පිළිබඳව සැලකිලිමත් වෙන්න. දිනපතා ආගමික වතාවත් කර කරණීය මෙත්ත සූත‍්‍රය භාවිත කරන්න.

සුබපාට මිශ‍්‍ර ළා, සුබ අංකය 06.

මීන –

ලග්නපති තරමක් දුර්වලව ගමන් කරන නිසා වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය

රැකගැනීමට උනන්දු වෙන්න. රුධිරගත සීනි හෝ මේදය පිළිබඳ රෝග ඇති අය නිසිලෙස වෛද්‍ය උපදෙස් පිළිපඳින්න. ගෘහ ජීවිතය සතුටුදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ස්වයං රැකියා, ගෘහාශ‍්‍රිත කර්මාන්තවලින් ජය ලැබේ. මවුපියන්ට සුබදායකයි. ඉක්මනින් කලබලවීම හා ක්‍ෂණික කෝපය නිසා පවුලේ අය අතර අමනාපකම් ඇතිවිය හැකියි. අන්තරාය නිවාරන පිරිත භාවිත කරන්න.

සුබපාට සුදු, සුබ අංකය 02.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment