උදාවන සතියේ ග‍්‍රහමාරු දෙකක්

1508

අපේ‍්‍රල් මස 3 ඉරිදායින් උදාවන සතිය තුළ ග‍්‍රහමාරු දෙකක් සිදුවීමට නියමිතය. අප්‍රෙල් 7 වැනිදා ග‍්‍රහලොව සෙන්පති ලෙස සැලකෙන කුජ ග‍්‍රහයා කුම්භ රාශියට මාරුවීම සිදුවේ. මෙදින සවස 3.15 සිදුවන මේ ග‍්‍රහ මාරුව නිසා ශ‍්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ කුජ ගමන් කිරීම මැයි 17 දා දක්වා සිදුවෙයි. මේ අතර අපේ‍්‍රල් 8 වැනිදා දහවල් දොලහට බුධ ග‍්‍රහයා ස්වකීය නීචයෙන් මිදී මේෂ රාශියට මාරුවෙයි. අපේ‍්‍රල් 25 දක්වා බුධ මේෂයේ හෙවත් ලංකා කේන්ද්‍රයේ තුන්වැන්නේ ගමන් කරයි. මේ ග‍්‍රහමාරු අප රටට හා ඔබට බලපාන්නේ කෙසේදැයි විමසීම මේ ලිපියේ අරමුණයි.

මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරි මාසයක පමණ කාලය මහජනතාව අතර, බලවත් නොසන්සුන් බවක් පෙන්වන බව පැහැදිලි වේ. කෝලාහල, ගැටුම්කාරී තත්ත්වයන්, ඇතිවීමට ඉඩ තිබේ. කුජ ග‍්‍රහයාගෙන් ගින්දර, සටන්කාමී බව මෙන්ම මුළුතැන්ගෙයද නිවේදනය කරයි. මේ නිසා මුළු තැන්ගෙය හා ගින්දර ආශ‍්‍රිතව පැන නැගී තිබෙන ගෑස් හි`ගය වැනි ගැටලූ හේතුවෙන් විවිධ කැළඹීම් කලකෝලාහල ඇතිවීමට ඉඩ තිබේ. එමෙන්ම මේ ගැටලූ නිරාකරණය කිරීමට ආරක්‍ෂක අංශ පවා යෙදවීමට රජයට සිදුවිය හැකිය.

ක්‍ෂණික කෝපය, නොඉවසිල්ල පැතිරයෑම සම`ගම විවිධ අනතුරු ගැනද අසන්නට ලැබෙනවා ඇත. පරිසරයද ඌෂ්ණාධික වෙයි. තවදුරටත් ගත වන්නේ ශ‍්‍රී ලංකාව හිමි කුම්භ ලග්න කේන්ද්‍රයේ ඒරාෂ්ටක අපල කාල සීමාවකි. මේ නිසා මහජනතාවට විවිධ කරදර පීඩා දුෂ්කරතා ඇතිවීම මෙන්ම වැඩකරන ජනතාවට අපල කාලයක් බව නිවේදනය වෙයි.

අපේ‍්‍රල් මාසය තීරණාත්මකය. ඊළ`ග සතියේ තවත් ග‍්‍රහමාරු තිබේ. විශාල පෙරළියක නිමිති පහල වී ඇත. ඒවා ලබන සතියේ අනාවරණය කිරීමට බලාපොරොත්තු වෙමු. කුජ හා බුධගේ මාරුවීම් උපන් ලග්නවලට මෙසේ බලපානවා ඇත.

මේෂ

සුබදායකයි. උත්සාහය, උනන්දුව, ධෛර්ය ඉහළ යයි. රැුකියා ව්‍යාපාර අංශවලද සාර්ථක බවක් පෙන්වයි. යහපත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ. බලාපොරොත්තු ඉටුවේ. සහෝදරයකුට සුබයි. බාධා ජයගත හැකිවේ. උත්සාහ කරන දේවල් සාර්ථක වේ. හිතේ සතුට ඇතිවේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස් වීමක් ලැබීමට ද ඉඩ තිබේ. සතුරන් හා තරගකරුවන්ගෙන් ජයගත හැකිවේ. සමාජයේ ඇති පිළිගැනීම හෝ ගෞරවය ඉහල යයි. සැලසුම් කර කටයුතු කරන්න. එමගින් බොහෝ බලාපොරොත්තු ඉටු කර ගත හැකි වනවා ඇත.

වෘෂභ

මිශ‍්‍රපලදායක බවත් වාෂභ ලග්න හිමියන්ට පෙන්වයි. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. රැුකියා ව්‍යාපාර කටයුතු ද සාර්ථක වේ. නීතිමය ගැටලූ ඇතොත් සහනදායක විසඳුම් ලැබේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. උත්සාහය ධෛර්යය වැඩිවේ. මුල් සතිදෙක තුළ මිශ‍්‍රපලදායක තත්ත්වයක් පෙන්වයි. මේ අතර වැඩිහිටියකුට අපලයක් පෙන්වයි. දියුණුව හා සතුට ඇතිවන ආකාරයට ස්ථාන මාරුවක් සිදුවීමට ඉඩ තිබේ. උත්සාහයේ ප‍්‍රතිඵල ලබාගත හැකිවේ. බාධාවලින් ජය ලැබේ. ඉදිකිරීම් කටයුතු ආරම්භයට සුබ කාලයක් වේ. සේවක පාලනයේදී කල්පනාකාරී වෙන්න.

මිථුන

මිථුන ලග්නහිමියන්ට ඒරාෂ්ටක අපල තත්ත්වයන්ද පවතින අතර කුජ මාරුව සිදුවන්නේ නම වැන්නට නිසා තරමක බාධා ඇති වන බව පෙනේ. විශේෂයෙන් ශරීර සනීපය ගැන සැලකිලිමත් විය යුතුය. ඉක්මන් තීරණ ගැනීම, ක්‍ෂණික කෝපය හා කලබල වීම නිසා අන් අය අමනාපවීමට ඉඩ තිබේ. නමුත් රැුකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අයගේ උදව් උපකාර ලැබිය හැකියි. වැදගත් තීරණ ගන්නා විට උපදෙස් ගැනීම සුදුසුයි. ආගමික ජීවිතයක් ගත කරන්න. දිනපතා ආගමික වතාවත් කර ටික වේලාවක් මෛත‍්‍රී භාවනාව කරන්න. නැති බැරි අයට හැකි අයුරින් උදව් උපකාර කරන්න.

කටක

කටක ලග්න හිමියන්ගේ බුධ දහවැන්නට මාරුවීම සුබයි. පසුගිය දිනවල පැවැති බාධා ජයගත හැකි වන අතර රැුකීරක්‍ෂා අංශවල ප‍්‍රගතියට කරුණු යෙදේ. නමුත් කුජ අටවැන්නට මාරුවීම නිසා තරමක බාධා පෙන්වයි. දරුවන් වෙනුවෙන් අමතර වෙහෙසක් දැරීමට සිදුවේ. මුදල් ආයෝජනය කරන විට දුරදිග බලා කරන්න. පෙම් සබඳතා හෝ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සුබ නොවේ. හදිසි අනතුරුවලින් ප‍්‍රවේශම් වෙන්න. දිනපතා ආගමික වතාවත් කර මංගල සූත‍්‍රය භාවිතා කරන්න. හැකියාවක් තිබේ නම් ලේ දන්දීම හා අභයදානය ඉතා හොඳ ශාන්ති කර්ම වේ.

සිංහ

කුජ මාරුව ලග්නයෙන් හත්වැන්නට සිදුවන අතර බුධ නමයට මාරු වේ. ශාස්ත‍්‍රීය කටයුතුවලට විශේෂයෙන් සුබදායකයි. සති දෙකක් ගතවන තුරු රවි දුර්වලව ගමන් කරන නිසා ඌෂ්ණාධික රෝග රුධිර ධාවනය පිළිබඳ ගැටලූ ආදී රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. ඌෂ්ණාධික ආහාරපාන අඩු කරන්න. එමෙන්ම උසස් අය සම`ග කරන කටයුතුවලදී කල්පනාකාරී වෙන්න. විවාහ සහකරුට සුබයි. පෙර පින වාසනාව උදාවේ. සති දෙකකට පසුව විශේෂ සුබපල ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. දුර ගමනක් යෑමට සිදු වීමටද ඉඩ තිබේ.

කන්‍යා

ඔබේ ලග්නාධිපති බුධ ලග්නයෙන් අටවැන්නට මාරුවීම සිදුවේ. මේ නිසා  රැකියා ආශ‍්‍රිත ගැටලූ පැන නැගීමට ඉඩ තිබේ. කේලාම්, ඕප¥ප නිසා හොඳ නමට කැළැල් විය හැකි බැවින් මේ පිළිබඳව කල්පනාකාරී වෙන්න. ලිපි ලේඛණවලට අත්සන් කරන විට හා අදහස් ප‍්‍රකාශ කිරීමේදී දුරදිග බලා කරන්න. ස්නායුගත රෝග තිබේ නම් නිසි ලෙස වෛද්‍ය ප‍්‍රතිකාර ගන්න. කුජ ග‍්‍රහයා හයවැන්නට මාරුවීම සිදුවේ. අපේ‍්‍රල් මැද සිට බොහෝ දුරට සුබදායක තත්ත්වයන් පෙන්වයි. විවාහ යෝග යෙදේ. අඹු – සැමි සමගිය ඇතිවේ. බිරිඳ හෝ සැමියාට සුබදායකයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ.

තුලා

කුජ පස්වැන්නටත්, බුධ හත්වැන්නටත් මාරුවීම ඔබට සුබදායක බව පෙනේ. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර වෙයි. මංගල යෝග යෙදේ. හවුලේ කරන ව්‍යාපාර සාර්ථක වේ. විවාහ සහකරුට සුබදායක වේ. ආයෝජනවලින් ලාබ ලැබේ. දරුවන් ගැන සිතා සතුටුවිය හැකිවේ. හදිසි ධනලාභ ලැබීමටද හේතුයි. තුලා හිිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ආදායම් සතුටුදායකය. රාහු දශා ගත කරන්නේ නම් ශරීර සෞඛ්‍ය ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න. ආගමික ජීවිතයක් ගත කිරීමටද චන්ද පිරිත භාවිතා කිරීමද මැනවි.

වෘශ්චික

කුජ හතර වැන්නට මාරු වීමද බුධ හයවැන්නට මාරුවීමද ඔබට මිශ‍්‍රපලදායක තත්ත්වයන් ඇති කරයි. සතුරන් හා තරගකරුවන්ගෙන් ජය ලැබීමට හැකිවේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබෙන බැවින් රැුකියා ව්‍යාපාර සාර්ථක වනවා ඇත. ණය මුදලක් ගැනීමට තිබූ බලාපොරොත්තුවක් ඉටු කර ගත හැකිවේ. ගෘහ ජීවිතය ශුභයි. නමුත් ඉක්මන්කම හා හදිසි කෝපය නිසා පවුලේ අය අතර අමනාපකම් ඇතිවීමට ඉඩ තිබේ. මේ නිසා හදිසි තීරණ ගැනීමෙන් වළකින්න. ක්‍ෂණික කෝපය පාලනය කරගන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිතා කරන්න.

ධනු
 

ඔබේ කේන්ද්‍රයේ කුජ වික‍්‍රමස්ථානයටත්  බුධ විද්‍යස්ථානයටත් මාරුවීම නිසා  පසුගිය දිනවල තිබූ ගැටලූ රාශියකට විසඳුම් ලබාගැනීමට හැකිවේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. උත්සාහය ධෛර්ය වැඩිවේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. සහෝදරයකුට සුබයි. අසල්වාසීන් සම`ග ඇති සුහදතාවය වර්ධනය වේ. එමෙන්ම අධ්‍යාපනය සාර්ථක වේ. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. යුගදිවියට ඇතුළත් වී නැති තරුණ තරුණියන්ට මංගල යෝග උදාවේ. ආදායම් සතුටුදායක නමුත් වියදම් ඉහල යෑමට ඉඩ තිබේ. වියදම් පාලනය කරගන්න.

මකර

මකර ලග්න හිමියන්ගේ කුජ දෙවැන්නේත් බුධ හතරේත් ගමන් කරන නිසා මිශ‍්‍රපලදායක බව පෙන්වයි. වෙනදාට වඩා වියදම් ඉහළ යන බව පෙන්වයි. පවුලේ වියදම් පාලනය කර ගැනීමට උනන්දු වීම යහපත්ය. එහෙත් ධෛර්යය හා උත්සාහය නොඅඩුව පවතින නිසා බොහෝ බාධා ජයගැනීමට හැකි බව පෙනේ. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබිය හැකිය. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. නිවසේ පිංකමක් සිදුකිරීමට හිත යොමුවේ. මව්පියන්ට සුබයි. ඉඩම් ගෙවල් දියුණු කර ගැනීමට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ.

කුම්භ

දොළොස්වැන්නේ ගමන් කළ කුජ ලග්නයට මාරුවෙයි. බුධ මාරුව සිදුවන්නේ තුන්වැන්නටයි. ගත වූ දිනවල පැවති චිත්ත පීඩා බොහෝ දුරට සමනය කරගත හැකිවේ. රැුකියා බාධා ඉවත් වීමට ඉඩ තිබේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. උනන්දුව ඉහල යයි. එමෙන්ම ලිපි ලේඛණ පිළිබඳ කටයුතු සාර්ථක වේ. ගිවිසුම් අත්සන් කිරීමට සුබ නැකැත් යෙදේ. එහෙත් ශනි ඒරාෂ්ටක අපලය පවතින නිසා සෙම්රෝග වැනි අසනීප ඇත්නම් වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම අතපසු නොකරන්න. අසරණ අයට උදව් උපකාර කරන්න.

මීන

භාග්‍යස්ථානාධිපති කුජ දෝෂස්ථානයට මාරුවීම සිදුවේ. මේ නිසා දුරගමන් යෙදීමට ඉඩ තිබේ. බුධ මාරුවන්නේ ධනස්ථානයටය. ගෘහාශ‍්‍රිත කර්මාන්ත හෝ ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකියි. වතුපිටිවලින් ලැබෙන ආදායම් ගැන සැලකිලිමත් විය යුතු කාලයකි. ගෘහ ජීවිතයට තිබූ බාධා ඉවත් වෙනවා ඇත. වාසනාව ගැන නොව තමන් ගැනම විශ්වාසය තබා උත්සාහයෙන් ක‍්‍රියා කිරීමෙන් අරමුණු ඉටුකර ගත හැකිවේ. මුල් සති දෙක තරමක බාධා පෙන්නුවත් පසුව ඒ තත්ත්වය සුබ අතට හැරෙනවා ඇත. ධජග්ග සූත‍්‍රය භාවිතා කරන්න.

උදාවන සතියේ ග‍්‍රහමාරු දෙකක්

කෑගල්ල –
 සුනිල් කුමාර ගම්ලත්
 දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment