උදේට දැක්කොත් කැඳත් නැතෙයි… ඒ රබන් පදයෙන්ම හිඟමන අවසන්

1035

මේ බස්රථය කුරුණෑගල සිට කොළඹ යමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බසයකි.

බසයේ මගීන් සිටියේ සීට් ගාණටය.

උදෑසන රාජකාරී සඳහා කාර්යාල වෙත යන තරුණයෝ තරුණියෝද වැඩිහිටි පිරිසක්ද බස් රථයේ ගමන් ගනිමින් උන්හ.

හරි අපූරු ගීත කිහිපයක් වාදනය වෙද්දී බසය යක්කල පසුකරගෙන ඉදිරියට ඇදෙමින් තිබිණි.

බැලූම්මහරදී ඉදිරි පස දොරින් බසයට ගොඩවූ අය අතර රබානක් අතින් අරගත් දක්‍ෂ ‘විරිඳුකාරයෙක්’ විය. බසයේ කැසට් යන්ත‍්‍රය කි‍්‍රයාවිරහිත කළේ ඒ තරුණ ‘විරිඳුකාරයාගේ’ ඉල්ලීමටය.

හරි අපූරු විරිඳු වරුසාවක් ඔහුගේ මුවෙන් නැඟිණි. රබන් හඬද කදිමය.

විරිඳු කියමින්ම බසයේ සිටි මගීන් වෙත රබාන දික් කළේ කීය කීය හෝ එකතු කිරීමටය.

බසයේ රියැදුරු අසුනට පිටුපස අසුනේ වාඩිවී සිටියේ ඇහැට කනට පෙනෙන තරුණියන් තිදෙනෙකි.

දුටු විට සුන්දරයි… ඇස් දෙක කතා කරයි

අත මිට තිබේනම් මා හට දෙන්න හැකියි

ඩුකු… ඩුකු… ඩුකු… ඩුම්…

තරුණියන්ගෙන් ප‍්‍රතිචාරයක් නැත. ඊළඟ විරිඳු පදය නැඟුණේ ඊට පසුවය.

‘උදේට දුටුවොත් නම් අර කැඳත් නැතැයි’

‘බල්ලා තොට’ කියා විරිඳු කී තරුණයාගේ කන හරහා පහරක් වැදිනි.

සිඟමන ලප් තැනම ලොප් විය. තරුණ ‘විරිඳුකාරයා’ ඊළඟ නැවතුමෙන් බැස ගියේ කන අල්ලමිනි.

  • පේ‍්‍රම්
advertistmentadvertistment
advertistmentadvertistment