උපපොලිස් පරීක්‍ෂක වැඩබලන මහේස්ත්‍රාත්ට වැඩ පෙන්නලා

1254

වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් වරයාගේ නිවසට අයුතු ලෙසින් ඇතුලුවී පරුෂ වචනයෙන් බැන මරණීය තර්ජන කළ බව කියන විශ්‍රාමික උපපොලිස් පරීක්‍ෂක වරයෙකු වාරියපොල පොලිසිය මගින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොල බණ්ඩාරකොස්වත්ත කහවිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ පොලිස් සේවයෙන් විශ්‍රිමික උප පොලිස් පරීක්‍ෂක වරයෙකි.

සැකකරු පදිංචි ප්‍රදේශයේම පචිංචි වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් වරයාගේ නිවසට සැකකරු බීමතින් පැමිණ තර්ජනය කරමින් මුදල් ඉල්ලා ඇති අතර එසේ මුදල් දීම වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්‍ෂේප කිරීමත් සමග පරුෂ වචන කියමින් දැඩි අප්‍රසන්න ආකාරයෙන් එසේ බැණවදිී තමා මරාදමන බවට තර්ජනය කළ බවට වැඩබලන මහේස්ත්‍රාත් වරයා වාරියපොල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment