වයස අවුරුදු 35 නො ඉක්මවූ උපාධිධාරී ගුරුවරු 5500ක් නුදුරේ දීම ගුරුසේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියයි.
විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය සහ වාණිජ වැනි විෂයන්ට අදාළ ව භාෂා මාධ්‍ය තුනෙන් ම එම පිරිස බඳවා ගැනීමට නියමිත වන අතර විද්‍යාපීඨ ගුරුවරු 7,500කට ලබන 16 වනදා නව පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.
භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් පමණක් අධ්‍යාපනය සංවර්ධනය කළ නොහැකි බවත් ඒ සඳහා සිසුන්ගේ විනයගරුකභාවය අත්‍යවශ්‍ය වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.