උපාධිධාරීහු 5450 ක් ගුරු සේවයට

114

උපාධිධාරීන් 5,450 දෙනකු ගුරුවරුන් ලෙස බඳවාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නමයටම අදාළව මෙම ගුරුවරු බඳවා ගැනෙති. පළාත් මගින් එම බඳවා ගැනීම් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් ජාතික පාසල් සඳහා ගුරුවරුන් අධ්‍යාපන අමත්‍යාංශය මගින් බඳවාගන්නා බවත් ඇමැතිවරයා කියා සිටී.

ඉදිරියේදී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමේ යෝජනාව ද සංකල්ප පත්‍රිකාවක් වශයෙන් ඉදිරිපත් කර තිබෙන බව ද ඇමැතිවරයා කීය. තවද 2024 වර්ෂයේදී පාසල් නිල ඇඳුම් හා පෙළපොත් නියමිත දිනයන්හිදී සිසුන්ට ලබාදෙන බව ද ඇමැතිවරයා කීය. ඇමැතිවරයා මම අදහස් දැක්වීම සිදු කළේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට ඊයේ (02 දා) පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.
චමින්ද සිල්වා


advertistmentadvertistment