උපාලි පුවත්පත් සමාගමේ එදා සේවය කළ ‘ලොකු රවී’ අභාවප්‍රාප්ත වෙයි

31

උපාලි පුවත්පත් සමාගමේ නිෂ්පාදන විධායකවරයකු (කැමරා) ලෙස වසර 30කට වැඩි කලක් සේවය කර විශ්‍රාම ලබා සිටි උඩුවරගේ රවීන්ද්‍ර බර්නාඩ් චන්ද්‍රසිරි (ලොකු රවී) මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට 61 වැනි වියේ පසු වූ ඒ මහතා දියණියන් තිදෙනකුගේ පියෙකි.

අනූෂා ෂෝබනී මාලිම්බඩ (විශ්‍රාමික – ආරක්ෂක අමාත්‍යාංශය) මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ රවීන්ද්‍ර චන්ද්‍රසිරි මහතා අනුෂ්කා චන්ද්‍රසිරි, අචිනි චන්ද්‍රසිරි, විෂිනි චන්ද්‍රසිරි (විදේශගතව) යන දියණියන්ගේ පියාය. උපාලි පුවත්පත් සමාගමේ

ලොකු රවී ලෙස ප්‍රකටව සිටි ඒ මහතා විශ්‍රාම ලැබීමෙන් පසු තරමක් රෝගාතුරව පසුවිය. දේහය රාගම චන්ද්‍රා පනාගොඩ අවමංගල්‍ය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (01දා) පස්වරුවේ බටුවත්ත ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.


advertistmentadvertistment