උපාලි සමූහ ව්‍යාපාරයේ ආරම්භක සේවකයකු, කාර්ය මණ්ඩල සාමාජිකයකු මෙන්ම වත්මන් උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ ප්‍රවාහන කළමනාකාරවරයකු වූ ධර්මසේන අතපත්තු මහතා ඊයේ (13දා) අලුයම අභාවප්‍රාප්ත විය.
මියයන විට 90 වැනි වියේ පසුවූ ඒ මහතා දරුවන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි. ඒ මහතා මෙරට සිටි කීර්තිමත් මැණික් ව්‍යාපාරිකයකු වූ රත්නාලෝක මහතාගේ සොහොයුරියක සමග විවාහ වී සිටියේය.
ඒ මහතා උපාලි විජයවර්ධන මහතාගේ ළඟින්ම සිටි විශ්වාසවන්තම සේවකයා ලෙස ද වසර ගණනාවක් කටයුතු කළේය.
එසේම ඔහු උපාලි සමූහ ව්‍යාපාරයේ සහෝදර සේවකයන්ගේ සිත් දිනාගනිමින් කටයුතු කළ ආදරණීය චරිතයක් ද විය.
රාජගිරිය ලාස්ට් හොනර් මල් ශාලා පරිශ්‍රයේ දේහය තැන්පත් කර ඇත.
ධර්මසේන අතපත්තු මහතාගේ දේය පිළිබඳ අවසන් කටයුතු අද (14 දා) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්