උසස් පෙළ දිනවල විදුලි කප්පාදුව

139

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම සාධාරණ නොවන නිසා එම කාලය තුළ විදුලි කප්පාදුව අත්හිටුවීමට ක්‍රමයක් සකස් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය. විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලා සිටින ලෙස සහ විභාග කාලසටහන යොමුකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් කොමිසම ලිඛිත ඉල්ලීමක් මේ වන විටත් කර ඇති බවත් රත්නායක මහතා වැඩි දුරටත් පැවසීය.අපොස උසස් පෙළ විභාගය (2022) මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment