උසාවියට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධ සනත් නිශාන්තගේ නඩුව විභාගයට

155


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් ජූනි මස 27 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කර ඇත.

එම පැමිණිලි අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අන්තර්ගත බව කියන වීඩියෝ පටයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී ඇති බවය.


advertistmentadvertistment