උසාවියට භාරවුණු ඩයනාට ඇප

168

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවේ සැකකාරිය වන හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය රුපියල් ලක්ෂ පහක මුදල් හා රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21දා) නියෝග කළේය.

එම සැකකාරිය නීතිඥවරයකු මාර්ගයෙන් ඊයේ පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් වී තිබිණි.

පැමිණිල්ලට හා අගතියට බාධාවන ආකාරයෙන් හා බලපෑම් වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසටත් අධිකරණයට හෝ වෙනත් පාර්ශ්වයකට අපහාස වන ආකාරයෙන් මින්මතු මාධ්‍ය හමුවේ ප්‍රකාශ නොකරන ලෙසටත් ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම සැකකාරියට තරයේ අවවාද කළේය.

එම සැකකාරිය අධිකරණය මඟහැරයෑමේ ප්‍රවණතාවයක් ඇති බැවින් ඇප මත මුදානොහරින ලෙස අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතුල රණගල මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් ඉල්ලීමක් කළහ.

ඒ.ජේ.ඒ. අබේනායක,පින්තූර – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment