උසාවිය රිෂාඞ්ගේ බිරිඳ ඇතුළු 4 කගේ දුරකථන වාර්තා ඉල්ලයි

305

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව් දෙනකුගේ දුරකථන විශ්ලේෂණ වාර්තා වහාම බොරැුල්ල පොලිසියට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් සජින්ද්‍රා ජයසූරිය මහත්මිය දුරකථන සමාගම් කිහිපයකට ඊයේ (19 දා) පස්වරුවේ නියෝග කළාය.

රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන මියගියේ යැයි කියන 16 හැවිරිදි දැරියව රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසට රැුගෙන ආ තැරැුව්කරුවාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාද බොරැුල්ල පොලිසියට ලබාදෙන ලෙසට අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයකට නියෝග කළාය.

එම දැරියගේ මරණය හා දූෂණයට ලක්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා එම වාර්තා ලබාදෙන ලෙසට බොරැුල්ල පොලිසිය මෝසමක් ගොනුකරමින් කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම ඉල්ලීම කළාය.

– ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment