පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් දින 07 ක් ඇතුළත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව විපක්‍ෂය නීති මඟට පිවිසෙන බව නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ඊයේ (20 දා) පැවසීය.
විපක්‍ෂය විවිධ මත දැරුවත් මේ අවස්ථාවේ ලේකම්වරයාට එරෙහිව එක් මතයකට පැමිණ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී. එල්. පීරිස් මහතා පැවසීය.
පළාත් පාලන ආයතනවලට අත් වී ඇති ඉරණම ඉතා ශෝකජනක බවත්, එම තත්ත්වය කිසිසේත් අනුමත නොකරන බවත් පැවසූ ඒ මහතා ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට අවනත නොවන තත්ත්වයක් පවතින බවත් කියා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙන්නේ අධිකරණය ස්වාධීන ආයතනයක් බවත්, එයට කිසිවකුට මැදිහත්වීමට අයිතියක් නැති බවත් අවධාරණය කළ ජී. එල්. පීරිස් මහතා ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය සියල්ලටම ඉහළින් පවතින බව ද වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා