උස පැනීමේ රිදී පදක්කම ඇතිලිවැව ජාතික පාසලේ හිමන්සට

67
උස පැනීමේ රිදී පදක්කම ඇතිලිවැව ජාතික පාසලේ හිමන්සට

2024 සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේදී දාහතරෙන් පහළ බාලක උස පැනීමේ රිදී පදක්කම හිමිකර ගැනීමට වැල්ලවාය අධ්‍යාපන කලාපයේ ඇතිලිවැව මහා විද්‍යාලයේ එම්.එච්. සයුරු හිමන්ස ක්‍රීඩකයා සමත් විය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉකුත්දා (18දා) මෙම තරග පැවැත්විණි. වැල්ලවාය අධ්‍යාපන කලාපයේ පාසල් දරුවෙකු මෙවැනි ජයග්‍රහණයක් ලබාගෙන ඇත්තේ අවුරුදු විසිතුනකට පසුව වන අතර විද්‍යාලය මෙවැනි දස්කමක් දක්වා ඇත්තේ වසර හැත්තෑතුනකට පසුවය.

විදුහල්පති බන්දුල මල්ලිකාරච්චි මහතාගේ මග පෙන්වීම මත පාසලේ ක්‍රීඩා ගුරුවරුන් වන එස්. ඒ. සුපුන් ලක්මාල්, ඩබ්ලිව්. එම්. නිශාන්ති, ක්‍රීඩා පුහුණුකරු වන ටී. ඩබ්ලිව්. නලීන් කුමාර යන මහත්ම මහත්මීන් හිමන්ස පුහුණු කර ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක


advertistmentadvertistment