උ/නැ අවතැන් කඳවුරු මේ වසරේ වසා දමනවා – ඇමැති ප්‍රසන්න රණතුංග

13

එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු නැඟෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේ වසා දමන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (08 දා) පැවසීය.

මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මකව පවතින බවත් එහි පවුල් 10ක් රැඳී සිටින බවත් ඇමැතිවරයා කීය. ඉන් පවුල් 09ක් සඳහා ඉඩම් නිදහස් කර මේ වසර අවසන්වීමට පෙර නැවත පදිංචි කරවීමට කටයුතු කරමින් සිටින අතර, එක් පවුලක් පමණක් තමන්ගේ මුල් ඉඩම ලබාදෙන ලෙස දැඩිව ඉල්ලීම් කරන බව ද වව්නියාව දිස්ත්‍රික්කයේ ඉදිකරනු ලැබූ නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා පෙරේදා (7 දා) පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment