අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල්දැමූ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් 04 වැනිදා බදාදා දිනයේ නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
රටේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 27, 28, 29 යන තෙදින තුළ උසස් පෙළ විභාගය නොපැවැත්වීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබිණි.
මේ වනවිට අයහපත් කාලගුණික තත්ත්වය පහව යමින් තිබුණද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.
ඒ අනුව දෙසැම්බර් මස 04 වැනිදා කාලසටහනේ නියමිත විෂයන් ඒ අයුරින්ම ආරම්භ වන බවද ඒ මහතා කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා