අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීමට මණ්ඩලයට හැකියාව ඇතැයි ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය.
මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කියා සිටියේය. 1969 අංක 19 දරන පනතට ප්‍රකාරව ලංකා විදුලිබල මණ්ඩලය මේ රටේ ජනතාවට අඛණ්ඩව විදුලිය දෙන්න බැඳී සිටිනවා. මෙවැනි තත්ත්වයකදී විදුලිය සපයන්න පුළුවන් කමක් නැත්නම් රටවැසියන්ට ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලයකු ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.
විභාගයට මුහුණ දෙන දරුවන් ගැන සලකා අඛණ්ඩව විදුලිය දෙන්න පුළුවන්. දෙන්න බැරිකමක් තියෙනවා නම් අපිත් බැහැ කියනවා. නැප්තා අවශ්‍ය කරන ප්‍රමාණයටත් වඩා තෙල් සංස්ථාවේ ටැංකිවල තිබෙනවා. මේ රටේ ජනතාව ගැන මේ රටේ පාසල් දරුවන් ගැන මණ්ඩලයට වෛරයක් තියෙනවා. මහජන උපයෝගිතා කොමිසමත් ආණ්ඩුවත් අතර කඹ ඇදිල්ල වෙනම කාරණයක්. මහජන උපයෝගිතා කොමිසමේ හැසිරීම ගැන අපිට සතුටු වෙන්න බැහැ.