සංචාරක ඔස්ටේ්රලියා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණි.
එංගලන්තයේ කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී (13 දා) පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ටේ්රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 193ක් ලබාගැනීමට සමත්වූ අතර එයට පිළිතුරු ලෙස සත්කාරක එංගලන්ත කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 194ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව ඔවුන්ට කඩුලු 3ක ජයක් හිමිවූ අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1ක් ලෙස සමවූ අතර තරගාවලියේ තෙවැනි සහ අවසාන තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලි ජය හිමිවනවා ඇත.
ඔස්ටේ්රලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී පෙශර් මැක්ගෝර්ක් පන්දු 31කින් ලකුණු 50ක්, ජෝෂ් ඉංග්ලිෂ් ලකුණු 42ක්, ට්‍රැවිස් හෙඩ් ලකුණු 31ක් සහ මැතිව් ෂෝට් ලකුණු 28ක් ලැබීය.
පන්දු යැවීමේදී ලියාම් බ්‍රේඩන් ක්රේෂි ලකුණු 26කට කඩුලු 2ක්, ලියාම් ලිවින්ස්ටන් ලකුණු 16කට කඩුලු 2ක් සහ සෑම් කරන් සහ අදීල් රෂීඩ් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී ජයග්‍රහණයේ නියමුවා ලෙසින් පිතිහරඹය දියත් කළ ලියාම් ලිවින්ස්ටන් පන්දු 47කින් ලකුණු 87ක් ලබාගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්ව තිබිණි. ඊට අමතරව ජෙකොබ් බිතීල් ලකුණු 44ක්, පිල් සෝල්ට් ලකුණු 39ක් ලැබීය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැතිව් ෂෝට් ලකුණු 22කට කඩුලු 5ක්, සෑන් අබ්බෝට් ලකුණු 37කට කඩුලු 2ක් බිඳහෙළීය.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට පන්දු 47කින් ලකුණු 87ක් ලබාගත් ලියාම් ලිවින්ස්ටන් සමත්විය.
සිසිර ඉන්ද්‍රජිත්