2024 විස්සයි – 20 කාන්තා ලෝක කුසලානය යටතේ එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත්විය.
2024 විස්සයි – 20 කාන්තා ලෝක කුසලානය යටතේ 09වන තරගය ලෙස පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 124ක් ලබාගැනීමට සමත්වූ අතර එයට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 125ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
දකුණු අප්රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ලෝරා වොල්වර්ඩ් ලකුණු 42ක්, මරිෂාන්යි කාප් ලකුණු 26ක්, ඇන්රි ඩර්කසන් ලකුණු 20ක්, ඇනීකා බොස්ච් ලකුණු 18ක් සහ ටෂ්මින් බි්රල්ට්ස් ලකුණු 13ක් ලැබීය.
පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සෝපි ඉකෙලෙස්ටෝනි ලකුණු 15කට කඩුලු 2ක්, ලින්සි ස්මිත්, චර්ලි ඩෑන් සහ සරහ් ග්ලේන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නට් බ්රවුන්ට් ලකුණු 48ක්, ඩැනී වේට් ලකුණු 43ක්, ඇල්සි කැප්සි ලකුණු 19ක් සහ මාලා බවුචර් ලකුණු 08ක් ලැබීය.
පන්දු යැවීමේදී මරිෂාන්යි කාප් ලකුණු 17කට 1 කඩුල්ලක්, නොන්කුලු ලිකෝම්ලාබා ලකුණු 22කට 1 කඩුල්ලක් සහ නදිනි ඩි ලකුණු 23කට 1 කඩුල්ලක් දවාලීය.
තරගයේ වීරවරිය ලෙස සෝපි ඉකෙලෙස්ටෝනි සම්මාන ලැබුවාය.