එංගලන්තයට ලකුණු 242ක ඉලක්කයක්

166

පළපුරුදු පිතිකරුවන් නොමැති කමින් මුල් පෙළ අසාර්ථක වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්ත සමගින් පැවැති දෙවැනි එ්ක්දින කි‍්‍රකට් තරගයේදී ඊයේ (01 වැනිදා) පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් විය. එ් අනුව දෙරට අතර කි‍්‍රයාත්මක තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගැනීමට නම් සත්කාරක එංගලන්තයට ලකුණු 242ක ඉලක්කයක් ඊයේ හිමි වී තිබිණි.
 
 ඕවල් කී‍්‍රඩාංගණයේ ඊයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. එ් අනුව එම තීරණයට පළමුවෙන් සාධාරණයක් ඉටුකළ සැම් කරන් ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුලූ 2 තමාගේ පළමු පන්දුවාරයේදීම බිඳ දැමීමට සමත්විය. පළමු තරගයේ ශී‍්‍ර ලංකාවේ ගෞරවය යම්තාක් දුරට හෝ රැුකදීමට සමත්වූ නායක කුසල් පෙරේරා ඊයේ දිනයේදී කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙරාතුව කී‍්‍රඩාගාරයට නැවත හරවා යැවූ සැම් කරන් විස්සයි විස්ස තරගාවලියේදී අසාර්ථක වූ අවිශ්ක ප‍්‍රනාන්දුවද ලකුණු ලබා ගැනීමට පෙරාතුව කී‍්‍රඩාගාරයේ නැවත අසුන් ගැන්වීමට සමත්විය. අනතුරව කි‍්‍රයාත්මක කළ තමාගේ දෙවැනි පන්දුවාරයේදී නැවත වරක් කි‍්‍රයාත්මක වූ සැම් කරන් පැතුම් නිස්සංකගේ කඩුල්ලේ මැද ඉන්න ගලවා දමා ශී‍්‍ර ලංකා ඉනිම වසා දැමුවේය.
 
 සිය ජාත්‍යන්තර දෙවැනි එක්දින තරගයට කී‍්‍රඩා කළ චරිත් අසංලක ඊයේ දිනයේදී ලකුණු 3කට දැවී යද්දි ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව කඩලූ 4කට මුලූ ලකුණු 21ක් ලෙසින් සටහන් විය. ආබාධයක් හේතුවෙන් පළමු තරගයට කී‍්‍රඩා නොකළ ධනංජය ද සිල්වා සමගින් ශී‍්‍ර ලංකා 5 වැනි කඩුල්ලට එකතු වූ වනිදු හසරංග ගරා වැටුණු ශී‍්‍ර ලංකා ඉනිම යළි නගා සිටුවීමට සමත්විය. එ් අනුව දෙදෙනා එක්ව එංගලන්ත පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් ලකුණු 65ක සම්බන්ධතාවක් ගොඩනාගා සිටයදී යළිත් වරක් කි‍්‍රයාත්මක වූ සැම් කරන් වනිදු හසරංග ලකුණු 26කට පිටියෙන් ඉවත්කර දැමීය.
 
 ඊයේ දිනයේදී ශී‍්‍ර ලංකා ඉනිමේ රිදී රේඛාවක් ලෙසින් සටහන් වූ ධනංජය ද සිල්වාගේ ඉනිම ලකුණු 91කට සීමා කිරීමට ඬේවිඞ් විලී සමත්විය. ජෝ රූට් අතට උඩපන්දුවක් දී ධනංජය සිල්වා දැවී යද්දී පන්දු 91කට මුහුණ දී හතරේ පහර 13ක් එල්ල කර තිබිණි. ධනංජයගේ දැවී යෑමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා ඉනිමේ බර කරට ගත් දසුන් ශානක සංයමයෙන් යුතුව පිත්ත හසුරවමින් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව 200 සීමාව දක්වා රැුගෙන එ්මට කටයුතු කළේය. එහිදී පන්දු 67කට මුහුණ දුන් දසුන් ශානක හතරේ පහර දෙකක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 47ක් ලබා ගත්තේය. ශී‍්‍ර ලංකා ඉනිම වසා දැමූ සැම් කරන් ඊයේ දිනයේදී සිය හොඳම ජාත්‍යන්තර පන්දු යැවීම සටහන් කරමින් ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 5ක් බිඳ දැමීය.
 
 ලකුණු සටහන.
 
 ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලූ 09ක් දැවී ලකුණු 241 (පැතුම් නිස්සංක 05, කුසල් පෙරේරා 00, අවිශ්ක ප‍්‍රනාන්දු 02, ධනංජය ද සිල්වා 91, චරිත් අසලංක 03, වනිදු හසරංග 26, දසුන් ශානක 47 චාමික කරුණාරත්න 21, බිනුර ප‍්‍රනාන්දු 17 , දුස්මන්ත චමීර (නොදැවී 14), අසිත ප‍්‍රනාන්දු (නොදැවී 01), ඬේවිඞ් විලී 64/4, සැම් කරන් 48/5)

advertistmentadvertistment
advertistmentadvertistment